Eke Dawasak Ho Song Lyrics - එක දවසක් හෝ ගීතයේ පද පෙළ

Eke Dawasak Ho Song Lyrics - එක දවසක් හෝ ගීතයේ පද පෙළ
Song Title : Eke Dawasak Ho (එක දවසක් හෝ)
ගායනය : චන්ද්‍රිකා බංඩාර 
පද රචනය : කල්ප එස් රණසිංහ 
සංගීතය : ඩිලාන් ප්‍රනාන්දු 


එක දවසක් හෝ නෙතු ලග දැවටුන
මැයි මල් මතද නුවර බිමේ....
සීත මීඳුමෙන් වසලා සියෝලඟ
උණුසුම කිම නුඹ අරන් ගියේ....

ලතා මඬුළු රස කතා කියනවා 
ඇවිදන් ගිය වැව රවුම දිගේ...
බිඳෙනා සැඬ රළ හමනා මද නල 
සෙනෙහස කොතනද අරන් ගියේ...
ඉඳුරා සවනට කෙදිරූ තෙපුලට
ළය මත රැදවුණු සුසුම වගේ....
කියන්න යලි මට දෑසට එබිලා
නුඹේ ප්‍රේමය ඇයි සැගව ගියේ......

මහ වැලි පෙණ කැට අස්සේ සැගවී
ලිහිණි කුරුල්ලෝ මුවාවෙති....
සැන්දෑ අහසේ තරු ඇහිදින්නට
හන්තානට දෙව්ලියෝ වඩිතී....
මගෙන් මිදුණු ලොව සුරපුර අභියස
කිරුළු දරන් දහනක රජවී....
හිතන්න හැකිවෙද එකම එක වරක්
නුඹ වෙනුවෙන් මම ඉමී පැහැදී....

එක දවසක් හෝ......

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Eke Dawasak Ho Song Lyrics - එක දවසක් හෝ ගීතයේ පද පෙළ Eke Dawasak Ho Song Lyrics - එක දවසක් හෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 24, 2021 Rating: 5

0 comments:

Post a Comment