කෝට්‌ටේ "දියත උයනේ" සුන්දරත්වය විඳින ගමන් ඇතුළට එබිකම් කරමු ❄️🎸🪗 (Diyatha Uyane)

කෝට්‌ටේ "දියත උයනේ" සුන්දරත්වය  විඳින ගමන් ඇතුළට එබිකම් කරමු ❄️🎸🪗 (Diyatha Uyane) - Your Choice Way
නිවසේ සහ කාර්යාලයේ කොන්ක්‍රීට්‌ වහල යට දවස ගතකරන ඕනෑම අයකුට විවේකී සුවය විඳගැනීම සඳහා අගනුවර ආසන්නයේ තිබෙන සුන්දර පරිසරයකි. කෝට්‌ටේ පාර්ලිමේන්තු වටරවුම අසල ඇති "දියත උයන". සමුද්‍රදේවිය හා සම්බන්ධ පුරාවෘතයන් පවතින දියවන්නා ඔය මැදින් පිළිසකර කර තිබෙන මෙම උයන සැබවින්ම ගතට සිතට සුවදායක බවක්‌ එක්‌කරන ස්‌ථානයකි.

පාඩම් කරන සිසුවකුට හෝ වෙනත් ඕනෑම කෙනකුට නිදහසේ එම කටයුතු කර ගැනීමටත්, විවේකභාවය විඳීමට රිසි අයට ඒ සඳහා බොහෝ සෙයින් පහසුකම් තිබේ. ශාරීරික සුවතාවය සඳහා ඇවිදීමට විශේෂ වූ මංතීරු මේ සුන්දර භූමිය වටා පිළිසකර කර ඇත. ජීවිතයේ විවිධ අවස්‌ථාවන් වලදී ඒවා සිහිපත්වන ආකාරයට ඡායාරූප ගැනීම සඳහා විවිධ පසුතල නිර්මාණයන්ද මෙම පරිශ්‍රයේ දක්‌නට ලැබේ. රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සංකල්පයක්‌ අනුව ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්‌ථාව ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා යුද හමුදාව එකතුව මෙම ව්‍යාපෘතිය සඳහා දායකත්වය සපයයි. මෙම අලංකාරවත් "දියත උයන" ඕනෑම අයකුට පෙරවරු 6.00 සිට රාත්‍රි 10.00 දක්‌වා විවෘතව පවතින බව එහි ආරක්‍ෂක අංශ මගින් දැනගත හැකිවිය. තවමත් සංවර්ධනය වෙමින් පවතින මේ පරිසරයට දැනුදු බොහෝ පිරිස්‌ පැමිණ විවේක සුවතාවය හා සුහද කතාබහේ යෙදෙන අයුරු එහි ගිය අපට දක්‌නට ලැබිණි.

දැනට මේ ස්‌ථානයේ ස්‌වාභාවික මල් හා මල් පැළ අලෙවි කිරීමේ කුටි රැසක්‌ද ඇත. ඒවා සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා දිනයන්හි විවෘතව පවතී. කුඩා දරුවන්ට විනෝදවීමට ක්‍රීඩා කිරීමට මෙහි කොටසක්‌ වෙන්කර ඇත. මීට අමතරව දියවන්නා ඔයේ බෝට්‌ටු සේවාවක්‌ද ක්‍රියාත්මක වෙයි. තවද වාහන රථ ගාලක්‌, ව්‍යායාම මංතීරු, අවන්හලක්‌, මෙහි ස්‌ථාපිත කර ඇත. අප මෙහි සුන්දරත්වය විඳිමින් සිටි කීපදෙනකුගෙන් දකින ගැටලු මොනවාද යන්න පිළිබඳව විමසීමක්‌ද කළෙමු. එහිදී අපට මුලින්ම හමුවුණේ වෘත්තීය පුහුණු ආයතනයක සිසු සිසුවියන් පිරිසකි. ඔවුහු මෙසේ කියා සිටියහ.

මෙතනට විශාල පිරිසක්‌ එනවා. ඇත්තටම හරි ලස්‌සනයි. මෙතනට ආවාම මනසට හොඳයි. නමුත් ලාබෙට කෑම එකක්‌ කන්න කඩයක්‌ නැහැ. අවන්හලක්‌ තිබුණත් ඒකේ කෑම ගණන්. අපි වැනි සාමාන්‍ය අයට කන්න පොඩි කෑම කඩයක්‌ තිබුණොත් ලොකු පිනක්‌. ඊළඟට අප සමග කතාබහට එක්‌වුණේ කොළඹ පාසලක සිසුන් සිව්දෙනෙකි. ඔවුන් පාසල් නිමාවීමෙන් පසු මෙම ස්‌ථානයට පැමිණ සිටියේ මෙහි සුන්දරත්වය විඳීමටය. අප ගෙදරින් කෑම අරගෙන ආවේ. මෙතන ඉඳගෙන කනවා කියලා හිතාගෙන. නමුත් මෙතන කෑම කන්න දෙන්නේ නැහැ. මේ නිසා අපි අපහසුතාවයට පත්වෙලයි ඉන්නේ. මෙසේ ඉඩ නොදෙන්නේ කෑම කන අය ඒ කොල හැමතැනම දාලා අපවිත්‍ර කරයි කියලයි. නමුත් අපි කියන්නේ මෙතනට එන අයට කෑම කන්න වෙනම පැත්තක්‌ හදලා දෙන්න කියලයි. 

එහෙම කළොත් ලොකු දෙයක්‌. ඒ කෑම කන තැන්වලම කුණු කසළ බඳුන් ස්‌ථානගත කළොත් අර අපවිත්‍ර කරනවා කියලා" කියන කාරණයට විසඳුමක්‌ ලැබේවි. ඒ වගේම මෙහි මත්පැන් පානය කිරීම තහනම් කියලා හැම තැනම පුවරු සවිකරලා තිබෙනවා. නමුත් මෙහි බියර් වැනි මත්පැන් අලෙවි කරනවා. ඇයි මේ සුන්දර පරිසරය අසුන්දර කරවන දේවල් අලෙවි කරන්නේ. මෙන්න මේ කාරණා ගැන ටිකක්‌ වගකිවයුතු අංශ අවධානය යොමුකරනවා නම් හොඳයි.

සටහන අයිතිය ® රොෂාන්✍️
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කෝට්‌ටේ "දියත උයනේ" සුන්දරත්වය විඳින ගමන් ඇතුළට එබිකම් කරමු ❄️🎸🪗 (Diyatha Uyane) කෝට්‌ටේ "දියත උයනේ" සුන්දරත්වය  විඳින ගමන් ඇතුළට එබිකම් කරමු ❄️🎸🪗 (Diyatha Uyane) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 25, 2021 Rating: 5

0 comments:

Post a Comment