ඉඳිආප්ප වැලිතලප හදමු (Idiappa Walithalapa Hadamu)

ඉඳිආප්ප වැලිතලප හදමු (Idiappa Walithalapa Hadamu) - Your Choice Way
ගෙදර ඉඳිආප්ප ඉතුරු උනාද..හදලා බලන්නකෝ මේ විදියට ඉඳිආප්ප වැලිතලප ටිකක්..අම්මෝ ඉතින් පැණි බේරෙනවා ..😋😋 රෙසිපි ඕනිනම් කියන්න..

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • ඉඳිආප්ප 8ක්
  • සීනි මේස හැඳි 2ක්
  • වතුර කප් කාලක්
  • සීනි කප් භාගයක්
  • ගාගත් පොල් කෝප්ප භාගයක් 
  • තලාගත් එනසාල් ඇට 2ක්
  • කරාඹු ඇට 2ක්
  • චූටි ඉගුරු කෑල්ලක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. ඉඳිආප්ප 8ක් ඉතුරු වෙලා ෆ්‍රිජ් එකේ තිබුනා ..ඒක එළියට අරන් අතින් කුඩු කරා..
  2. ඒක පැත්තකින් තියලා භාජනයක් ලිපේ තියලා ඒකට සීනි මේස හැඳි 2ක් දාලා තද පාටට කැරමල් එක හදාගත්තා,
  3. ඒකට වතුර කප් කාලක්,සීනි කප් භාගයක්  දාලා පැණි පත් වෙනකන් ලිපේ තිබ්බා.ඒකට ගාගත් පොල් කෝප්ප භාගයක් ,තලාගත් එනසාල් ඇට 2ක්,කරාඹු ඇට 2ක්,චූටි ඉගුරු කෑල්ලක් තලලා එකතු කරලා පැණිපොල් හදාගත්තා..
  4. පැණිපොල් මිශ්‍රණය ටිකක්  ඝන වෙනකොට කුඩුකරගත් ඉඳිආප්ප ටික එකතු කරලා හොඳින් කලවම් කරා..
  5. මිශ්‍රණය එක ගුලියක් වගේ හැදෙනකොට කලින් ලන්ච් ෂීට් එකක් හරි කෙසෙල් කොලයක් එළලා ලෑස්ති කරගත් තැටියක තුනී කරලා ටිකක් නිවෙනකොට කෑලි කපා ගන්න.

✅ වැදගත්  :

මම මැන්නේ තේ බොන පීරිසි කෝප්පෙකින්.(Harshani Tharangaa Kumarathunga)
ඉඳිආප්ප වැලිතලප හදමු (Idiappa Walithalapa Hadamu) - Your Choice Way

ඉඳිආප්ප වැලිතලප හදමු (Idiappa Walithalapa Hadamu) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඉඳිආප්ප වැලිතලප හදමු (Idiappa Walithalapa Hadamu) ඉඳිආප්ප වැලිතලප හදමු (Idiappa Walithalapa Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 25, 2021 Rating: 5

0 comments:

Post a Comment