ග්‍රීන්අප් මෙහෙයුම ඉන්ග්ලෝරියස් බස්ටර්ඩ්ස් සිනමාපටයට පාදක වූ සත්‍ය කතාව (Operation Greenup)

ග්‍රීන්අප් මෙහෙයුම ඉන්ග්ලෝරියස් බස්ටර්ඩ්ස් සිනමාපටයට පාදක වූ සත්‍ය කතාව (Operation Greenup) - Your Choice Way
දෙවන ලෝක යුද්ධ සිනමාවේ වඩාත් ජනප්‍රිය ප්‍රභේදයක් වන්නේ ඔත්තු බැලීම පිළිබද නිර්මානයි. රහසිගත ක්‍රියාකාරීන්, ද්විත්ව නියෝජිතයන්ගෙන් පිරුණු මෙම සිනමාපට කෙතරම් රසවත් ද යතොත් මොහොතකදී ඔබට ඔබේ හුස්ම ගැනීම පවා අමතක වනවා නිසැකය. වර්ෂ 2009දී තිරගත වූ Inglourious Basterds යනු ඒ ආකාරයේ ප්‍රේක්ෂකයින් කුල්මත් කිරීමට සමත් වූ නිර්මාණයක් බවට නම් සැක නැත. දෙවන ලෝක යුද්ධ සිනමාපට ප්‍රිය කරන ඔබ සියලු දෙනා ක්වෙන්ටින් ටැරන්ටිනෝගේ (Quentin Tarantino) මේ අගනා සිනමාපටය අනිවාර්යයෙන්ම නරඹා ඇතුවාට සැක නැත. අද අප අවධානය යොමු කිරීමට සැරසෙන්නේ මේ සිනමාපටයට පසුබිම් වූ සත්‍ය කතාව පිළිබඳවය.

1940 දශකයේ මුල් භාගයේදී, එක්සත් ජනපද උපායමාර්ගික සේවා කාර්යාලය (Office of Strategic Services - OSS) නාසින් සිටි යුරෝපයට රිංගා ගැනීම සඳහා ජර්මානු කතා කරන යුදෙව්වන් කණ්ඩායමක් බඳවා ගත්තේය.  ජර්මානු නාසීන් සිටින යුරෝපය ගැන හොඳින් පුහුණුව ලත්, එමෙන්ම නාසීන් සමග වෛරයකින් පසු වන යුදෙව්වන් කිහිප දෙනෙක් මෙම රහසිගත මෙහෙයුම් සිදු කරන ලදී.

මෙලෙස බඳවා ගත් කිහිප දෙනෙක් අතුරින් මෙහෙයුම් රාශියක් සිදු කලද ඒවා අතුරින් වඩාත් සාර්ථක වූයේ ඔපරේෂන් ග්‍රීන්අප් (Operation Greenup) ලෙස හැඳින්වූ මෙහෙයුමයි. බොහෝ දෙනා පවසන්නේ මෙහි සත්‍ය කතාව සිනමා පටයේ අප දුටු කතාවට වඩා බෙහෙවින් අනර්ඝ බවය.

එක්සත් ජනපද උපායමාර්ගික සේවා කාර්යාලය මෙලෙස බඳවා ගත් සියල්ල බොහෝ දුරට තරුණ යුදෙව්වන්ගෙන් සමන්විත වූ අතර ඔවුන්ගේ පවුල් යුද්ධයට පෙර ඇමරිකාවට යුරෝපයෙන් පලා ආ අයයි.  ඔවුන්ට ජර්මානු සහ වෙනත් යුරෝපීය භාෂා චතුර ලෙස හැසිරවීමට හැකියාවක් තිබූ අතර එය මෙම මෙහෙයුමට පැහැදිලි වාසියක් වී ඇත.

මෙලෙස බඳවා ගත් අය අතුරින් 1945 ශීත ඍතුව අවසානයේ දී ජර්මානු ජාතික ෆ්‍රෙඩ් මේයර්, ලන්දේසි ජාතික හැන්ස් විජ්න්බර්ග් සහ හිටපු වෙර්මාච්ට් (නාසි ජමනියේ එක්සත් හමුදාව) නිලධාරි ෆ්‍රාන්ස් වෙබර් ඔස්ට්‍රියානු ඇල්ප්ස් කඳු වලට පැරෂුට් ආධාරයෙන් ගොඩ බසින ලදී. කතෝලිකයෙකු වූ වෙබර්, නාසි ජයග්‍රහණය ලෝකයට විනාශකාරී වනු ඇතැයි දැන සිටි අයෙකි.  ඔහුගේ පවුල නාසීන්ගේ ටයිරෝලියන් කේන්ද්‍රස්ථානය වූ ඉන්ස්බෲක් අසල ගමක ජීවත් වූ අතර අනෙක් ඇමරිකානුවන් දෙදෙනාටද රැකවරණය දීමට කැමැත්තෙන් සිටියහ.

යුද්ධයේ අවසාන අදියර වන විට ජර්මානු හමුදා ඒ වන විටත් පසුබසිමින් සිටියහ. එහෙත් ඔවුන් ඉන්ස්බෲක්  වටා තම ස්ථාවරය ශක්තිමත් කර ඇති අතර ගැටුම දින නියමයක් නොමැතිව ඉදිරියට ගෙන යාමට හැකි වන පරිදි විශාල භූගත බලකොටුවක්ද ඉදිකරන බවට කටකතා පැතිර ගියේය.

මිත්‍ර පාක්ෂිකයින්ගේ ඉලක්කය වූයේ හැකි ඉක්මනින් සටන අවසන් කිරීමයි.  ඒ සඳහා පත් කල ග්‍රීනප් මෙහෙයුමේ ප්‍රධාන මෙහෙවර වූයේ නාසි හමුදා සංචලනය, දුම්රිය කාලසටහන් සහ පතොරම් ගබඩා පිළිබඳ බුද්ධි තොරතුරු රැස් කිරීමයි. එමඟින් මිත්‍ර පාක්ෂිකයින්ට ඉතාලියේ යුධ පෙරමුණට එන සැපයුම් වලට බාධා කිරීමට හැකි වේ.

සමූහයේ ගුවන්විදුලි ක්‍රියාකරු වන වින්බර්ග් වෙබර්ගේ ගමේ වූ අට්ටාලයක නැගී පණිවුඩ යවන ලදී. මේයර් ජර්මානු හමුදා නිල ඇඳුමක් ඇඳගෙන ප්‍රාදේශීය නිලධාරීන්ගේ සමාජ ශාලාවක් තුළට රිංගාගත්තේය.  එහිදී ඔහුට ඇඩොල්ෆ් හිට්ලර්ගේ බර්ලින් බංකරය, ජර්මානු යුධ ගුවන් යානා නිෂ්පාදනය සහ බ්‍රෙනර් පාස් හරහා මිනිසුන් සහ ද්‍රව්‍ය ගමන් කිරීම පිළිබඳ නිවැරදි තොරතුරු ඇතුළුව වටිනා තොරතුරු රැසක් දැන ගැනීමට හැකි විය.

වෙබර්ගේ සහෝදරියන් සිය ජීවිත පරදුවට තබා මේ ලබා ගත් තොරතුරු විජින්බර්ග් සිටි අට්ටාලය වෙත ගෙන ගිය අතර, එය ඕඑස්එස් හි ඉතාලි කඳවුර වන බාරි වෙත සම්ප්‍රේෂණය කිරීම සඳහා කේත කරන ලදී.  පසුව, ප්‍රංශ විදුලි කාර්මිකයෙකු ලෙස පෙනී සිටි මේයර්, භූගත ආයුධ කම්හලකට ඔහුට ඇතුළු වීමට ඉඩ සලසන ලිපිලේඛන ලබා ගත්තේය.  එහෙත් පසුව ඔහුව අල්ලාගත් අතර, වධහිංසා පමුණුවනු ලැබූවත් ඔහු කිසි විටෙකත් සෙසු ඔත්තුකරුවන්ගේ නම් හෙළි නොකළේය.

ඔවුන්ගේ තොරතුරු වලින් සන්නද්ධව, මිත්‍ර හමුදා භටයින්ට සතුරු සැපයුම් මාර්ග විනාශ කිරීමටත්, ඉන්ස්බෲක්හි ජර්මානු හමුදා යටත් වීමට තුඩු දුන් ප්‍රහාරවලටත්, යුද්ධය කෙටි කිරීමෙන් ජීවිත දහස් ගණනක් බේරා ගැනීමටත් හැකි විය.  හිටපු ඕඑස්එස් අධ්‍යක්ෂ විලියම් කේසි පසුව ග්‍රීන්අප් මෙහෙයුම  හැහැඳින්වූයේ ඔවුන් දියත් කළ වඩාත්ම සාර්ථක රහසිගත මෙහෙයුම ලෙසිනි.

සිනමා පටයේ මෙන් ඔවුන් කිසිම ආකාරයක ඝාතන ක්‍රියාවලියක් සිදු නොකළ නමුත් ඔවුන් ඔවුන්ගේ මෙහෙයුම අතිසාර්ථක කර ගත්හ.  ග්‍රීන්අප් මෙහෙයුම මිත්‍ර පාක්ෂිකයින්ට සැබෑ ප්‍රතිලාභ ගෙන දුන් අතර බ්‍රෙනර් ගමනාගමනය පිළිබඳ සවිස්තරාත්මක විස්තර සහිත ගුවන් විදුලි පණිවිඩ දුසිම් ගණනක් ඉතාලියේ පිහිටි බාරි නගරයේ ඕඑස්එස් සවන්දීමේ ස්ථානයට සම්ප්‍රේෂණය කිරීමට හැකි විය.

විශ්මිත ඉතිහාසය
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ග්‍රීන්අප් මෙහෙයුම ඉන්ග්ලෝරියස් බස්ටර්ඩ්ස් සිනමාපටයට පාදක වූ සත්‍ය කතාව (Operation Greenup) ග්‍රීන්අප් මෙහෙයුම ඉන්ග්ලෝරියස් බස්ටර්ඩ්ස් සිනමාපටයට පාදක වූ සත්‍ය කතාව (Operation Greenup) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 25, 2021 Rating: 5

0 comments:

Post a Comment