Dakuna Nagenahira Song Lyrics - දකුණ නැගෙනහිර ගීතයේ පද පෙළ

Dakuna Nagenahira Song Lyrics - දකුණ නැගෙනහිර ගීතයේ පද පෙළ
Song Title : Dakuna Nagenahira (දකුණ නැගෙනහිර)
ගායනය : අයිවෝ ඩෙනිස්
ගී පද : අරිසෙන් අහුබුදු
මුල් ගැයුම, තනුව : සුනිල් සාන්ත


දකුණ නැගෙනහිර බටහිර උතුරද
එක කොඩියේ හෙවණේ
එකමැ දැයක් වී මහ බලයක් වී
පෙරටමැ යමු ලංකා ලංකා
ඉපැදුණු අප හට ලක් පොළොවේ
සුරුවිරුකම් උපතින් හුරු වේ
දක්වමු දස්කම් ලක්කම් විස්කම්
විස්මවමින් මුලු ලෝ

කන්දට කෙන්දට කොන්දට හුරුවී
වන් වන් අත සුරුවී
විපත පවා සැපතට හරවාලා
පෙරටමැ යමු ලංකා ලංකා
ඉපැදුණු අප හට ලක් පොළොවේ
සුරුවිරුකම් උපතින් හුරු වේ
දක්වමු දස්කම් ලක්කම් විස්කම්
විස්මවමින් මුලු ලෝ

වැටුණත් නැඟිටිමු වැටි වැටි නැඟිටිමු
නැඟැ නැඟැ යමු දියුණේ
බාධා වලටද බාධා ගෙනැ දී
පෙරටමැ යමු ලංකා ලංකා
ඉපැදුණු අප හට ලක් පොළොවේ
සුරුවිරුකම් උපතින් හුරු වේ
දක්වමු දස්කම් ලක්කම් විස්කම්
විස්මවමින් මුලු ලෝ

වීර විකුම් පෑ ආදි මුතුන් ගිය
පාර අපේ උරුමේ
නෑර ඔවුන් මඟ සූර ලෙසින් වැද
පෙරටමැ යමු ලංකා ලංකා
ඉපැදුණු අප හට ලක් පොළොවේ
සුරුවිරුකම් උපතින් හුරු වේ
දක්වමු දස්කම් ලක්කම් විස්කම්
විස්මවමින් මුලු ලෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dakuna Nagenahira Song Lyrics - දකුණ නැගෙනහිර ගීතයේ පද පෙළ Dakuna Nagenahira Song Lyrics - දකුණ නැගෙනහිර ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 11, 2021 Rating: 5

0 comments:

Post a Comment