Bonda Meedum Kadurelle Song Lyrics - බොඳ මීදුම් කඳුරැල්ලේ ගීතයේ පද පෙළ

Bonda Meedum Kadurelle Song Lyrics - බොඳ මීදුම් කඳුරැල්ලේ ගීතයේ පද පෙළ
Song Title : Bonda Meedum Kadurelle (බොඳ මීදුම් කඳුරැල්ලේ)
ගායනය : අබේවර්ධන බාලසූරිය, සුජාතා අත්තනායක
තනුව : සරත් දසනායක
පද රචනය : අජන්තා රණසිංහ
චිත්‍රපටිය : දුහුල් මලක්


බොඳ මීදුම් කඳුරැල්ලේ..
සුරංගනා රජ දහනේ..
ඔබේ සිනා කඳුළු බිඳක්
හෙටත් වාසනා..හෙටත් වාසනාවන්..
සිහින නදී රළ රැල්ලේ..
පැතුම් රුවල් රන් ඔරුවෙ..
ඔබේ නිමල නෙත් ද්‍රාහින්
මටත් වාසනා..මටත් වාසනාවන්..

හිතක තැවුල් සංසිඳිලා..
මිටියාවත මල් ඉසිලා..
මල් වරුසා සුවඳ සමය
මටත් වාසනා..මටත් වාසනාවන්..
රෑ සියන්ගේ නොනිමි නාද
තැවුල් කොවුල් විහඟ ගීත
අපට ඇරුණු හුදකලාව
හෙටත් වාසනා..හෙටත් වාසනාවන්..

සිහින නදී රළ...

මාල හතක් පළදන්නට..
හීන හතක් එලිවන්නට..
දොලොස් මහේ පහන් එළිය
මටත් වාසනා..මටත් වාසනාවන්..
අනාගතය කිරුළු දරා..
දෙපා මුලට වඩින තුරා..
ලවන් පොඟන මියුරු තෙපුල්
හෙටත් වාසනා..හෙටත් වාසනාවන්..

මටත් වාසනා හෙටත් වාසනාවන්..////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bonda Meedum Kadurelle Song Lyrics - බොඳ මීදුම් කඳුරැල්ලේ ගීතයේ පද පෙළ Bonda Meedum Kadurelle Song Lyrics - බොඳ මීදුම් කඳුරැල්ලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 12, 2021 Rating: 5

0 comments:

Post a Comment