Ahimi (Pathuwata Me Sasare) Song Lyrics - අහිමි (පැතුවාට මේ සසරේ) ගීතයේ පද පෙළ

Ahimi (Pathuwata Me Sasare) Song Lyrics - අහිමි (පැතුවාට මේ සසරේ) ගීතයේ පද පෙළ
Song Title : Ahimi (Pathuwata Me Sasare) (අහිමි (පැතුවාට මේ සසරේ))
Vocals n’ Melody : Lakshitha Mihiran 
Lyrics : Sandaruwani Subasighe
Music Produced : Jithma Kamburugamuwa
Mixed n’ Mastered : Vidura Vishwajith
Backing Vocals : Sandaru Sharuda
Violin : Vidura Vishwajith
Artworks : Vidura Vishwajith n' Jithma Kamburugamuwa


පැතුවාට මේ සසරේ නුඹ මට හිමිවෙන්නේ නෑ
හිතුවට නුඹ ළඟ නැතිව මට දුර යන්න බෑ

අහුලන්න පුළුවන්ද තව කඳුළු ඇස් දෙකට
උහුලන්න බැරි තැන්වලත් හිටියා අපි එකට
අපි අයිති නෑ කියලා දැනගෙනම ලංවුණාට
දවසක හඬයි කියලා මම කිව්වා මතකයිද

හාදුවක් ඉල්ලලා රණ්ඩු වුණු ඒ දවස්
ආයෙමත් එන්නේ නැති හැඩයි
වෙන්වෙන වෙලාවටම මේ හැටි උණුසුමක්
හිතට දැනෙන එක වේදනයි

පැතුවාට මේ සසරේ නුඹ මට හිමිවෙන්නේ නෑ
හිතුවට නුඹ ළඟ නැතිව මට දුර යන්න බෑ

තරු ගැනලා නිම වෙන්නේ නැති බව දැන දැනත්
අහසටම පෙම් කරපු එකනම් මගේ පවක්
අත අල්ලා නවතන්න මට ඔබේ බැරිවුනත්
මුළු හිතම නුඹේ වෙච්ච දවසක් තමයි අදත්

ලං වෙන්න ලං වෙන්න හීන හරි දුරයි
ආදරේ කියන්නේ නොලැබෙන දේම හිත පතුලේ සැඟවෙන එකයි
දවසක සැනසෙන්නේ නුඹ ළඟ තමයි
ආදර කතාවල අවසානය ම දුකයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ahimi (Pathuwata Me Sasare) Song Lyrics - අහිමි (පැතුවාට මේ සසරේ) ගීතයේ පද පෙළ Ahimi (Pathuwata Me Sasare) Song Lyrics - අහිමි (පැතුවාට මේ සසරේ) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 02, 2021 Rating: 5

0 comments:

Post a Comment