Wisikkeruwa Sitha Song Lyrics - විසික්කෙරුව සිත ගීතයේ පද පෙළ

Wisikkeruwa Sitha Song Lyrics - විසික්කෙරුව සිත ගීතයේ පද පෙළ
Song Title : Wisikkeruwa Sitha (විසික්කෙරුව සිත)
Artist : Raini Charuka



විසික්කෙරුව සිත යළිත් අහුලගෙන
මැණික් කැටය ලෙස මගේ තුරුලට ගත්තා, දවසක්දා
අනන්තයට යන දිගන්තයට මඟ අලංකාර වෙයි
රැඳුණොත් ඔබ මා හා, ඔබ මා හා
නෙතේ කඳුළු හැර සිතේ සුසුම් බිඳ සිනා පුරෝගෙන
මුව හසරැලි කැන්දා, ඉමු සැමදා

මට සිළුටුයි සිත එය පාරන්න එපා
පෙම් ගඟ කළඹා බොර කරලන්න එපා
විසිතුරු මල් දැකලා, කලබල වෙන්න එපා
මා පමණයි ඔබ ළඟ ඉන්නේ සැමදා

පිවිතුරු සෙනෙහේ පමණින් මනිනු එපා
ලස්සන ලෝකය වරදින් දකිනු එපා
හිඳිනට සෙනෙහේ සිතින්, විඳිනට සුවේ ඉතින්
මා පමණයි ඔබ ළඟ ඉන්නේ සැමදා

විසික්කෙරුව සිත යළිත් අහුලගෙන
මැණික් කැටය ලෙස මගේ තුරුලට ගත්තා, දවසක්දා
අනන්තයට යන දිගන්තයට මඟ අලංකාර වෙයි
රැඳුණොත් ඔබ මා හා, ඔබ මා හා
නෙතේ කඳුළු හැර සිතේ සුසුම් බිඳ සිනා පුරෝගෙන
මුව හසරැලි කැන්දා, ඉමු සැමදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wisikkeruwa Sitha Song Lyrics - විසික්කෙරුව සිත ගීතයේ පද පෙළ Wisikkeruwa Sitha Song Lyrics - විසික්කෙරුව සිත ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 02, 2021 Rating: 5

0 comments:

Post a Comment