Adara Seenuwa Pem Lowa Dora Langa Song Lyrics - ආදර සීනුව පෙම්ලොව දොර ළඟ ගීතයේ පද පෙළ

Adara Seenuwa Pem Lowa Dora Langa Song Lyrics - ආදර සීනුව පෙම්ලොව දොර ළඟ  ගීතයේ පද පෙළ
Song Title : Adara Seenuwa Pem Lowa Dora Langa (ආදර සීනුව පෙම්ලොව දොර ළඟ)
ගායනය : ග්‍රේෂන් ආනන්ද
තනුව : ග්‍රේෂන් ආනන්ද
පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන
'ප්‍රමාද වැඩියි' ටෙලි නාට්‍යයෙන්


ආදර සීනුව පෙම්ලොව දොර ළඟ රැව් දෙන්නේ
ජීවන විජිතේ ආදර දෙවඟන හිනැහෙන්නේ
ලස්සන හදවත් පමණයි ආලය හඳුනන්නේ
මේ ආදරයට යා හැකි දුර නෑ මා දන්නේ //

කාගේ වේවා ලේ එක වාගේ දිස් වන්නේ
අහසයි මුහුදයි ළං වී දෙනුවන් රවටන්නේ
ආලය මායා සිහිනය වේදෝ නැහැ දන්නේ
කාලය විසඳුම් දෙනතුරු ඉන්නද සිදුවන්නේ

ආදර සීනුව පෙම්ලොව දොර ළඟ රැව් දෙන්නේ
ජීවන විජිතේ ආදර දෙවඟන හිනැහෙන්නේ
ලස්සන හදවත් පමණයි ආලය හඳුනන්නේ
මේ ආදරයට යා හැකි දුර නෑ මා දන්නේ //

සංසාරේ හුරු සුවඳයි මට ඈ ගෙන එන්නේ
මාගේ දුප්පත් කමටයි ලොව එදිරිව ඉන්නේ
ජය ටැඹ පෙනුනත් ජය හිමි වේදෝ නැහැ දන්නේ
යා යුතු මාවත කොයි අත වේදෝ නෑ දන්නේ

ආදර සීනුව පෙම්ලොව දොර ළඟ රැව් දෙන්නේ
ජීවන විජිතේ ආදර දෙවඟන හිනැහෙන්නේ
ලස්සන හදවත් පමණයි ආලය හඳුනන්නේ
මේ ආදරයට යා හැකි දුර නෑ මා දන්නේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adara Seenuwa Pem Lowa Dora Langa Song Lyrics - ආදර සීනුව පෙම්ලොව දොර ළඟ ගීතයේ පද පෙළ Adara Seenuwa Pem Lowa Dora Langa Song Lyrics - ආදර සීනුව පෙම්ලොව දොර ළඟ  ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 03, 2021 Rating: 5

0 comments:

Post a Comment