Wedi Warusa Song Lyrics - වෙඩි වරුසා ගීතයේ පද පෙළ

Wedi Warusa Song Lyrics - වෙඩි වරුසා ගීතයේ පද පෙළ
Song Title : Wedi Warusa (වෙඩි වරුසා)
ගායනය : සඳුන් පෙරේරා
පද රචනය : සජිත් වී. චතුරංග
සංගීතය : ප්‍රගීත් පෙරේරා


දිනෙක වරදින්නම ඕනේ..
දැනගන්න මිනිසුන් ලෝකේ..
කවුද හැබැහින් නැති දා මෙන්..
ආදරේ කියා..
ඔබට මා හොද මදි වූයේ
ආස කරනා වටින දේ..
ගෙන දෙන්න ඉල්ලන වේගෙන්
මට බැරි නිසා..

වෙඩි වරුසා ඇද හැලුනත්
මිය නොවෙන ප්‍රේමෙට මගේ..
බොරු කරලා කවදාවත්
සැනසෙන්න බෑ අන්තිමේ..//

මාගෙ දිවියේ කිසිම දිනයේ..
නොකල දේවල් හුඟක් කෙරුවේ..
ඔබ තබන්නයි මලක් වාගේ..
සුවඳ හමමින් රෑ දිවා..

කඳුලු හෙලලා හැමට වචනෙන්
නොකීවත් මා හඬ නගා..
ඔබව නොබලා ගෙවන මොහොතත්
කල්පයක් මෙන් දැනෙනවා..

වෙඩි වරුසා ඇද හැලුනත්...

විඩාබර වී අලුත් හෙවනේ
ඔබට මතු යම් දිනෙක ආයේ..
හොඳට තේරෙයි අඩුව මාගේ
අපේ පුරාණේ සිහිවෙලා..

කඳුලු හෙලලා හැමට වචනෙන්
නොකීවත් මා හඬ නගා..
ඔබව නොබලා ගෙවන මොහොතත්
කල්පයක් මෙන් දැනෙනවා..

වෙඩි වරුසා ඇද හැලුනත්...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wedi Warusa Song Lyrics - වෙඩි වරුසා ගීතයේ පද පෙළ Wedi Warusa Song Lyrics - වෙඩි වරුසා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 03, 2021 Rating: 5

0 comments:

Post a Comment