Pathiniya Song Lyrics - පතිනිය ගීතයේ පද පෙළ

Pathiniya Song Lyrics - පතිනිය ගීතයේ පද පෙළ
Song Title : Pathiniya (පතිනිය)
Artist : Miyuru Sangeeth
Lyrics : Rajith Chathuranga
Music : Miyuru Sangeeth


තරු සේ දිලෙනා නෙතඟේ මායා
මා හා රහසේ බැඳුණා…
ඔබ හා ගෙවෙනා මොහොතක් පාසා
සිත මා සතුටේ ගිලුනා…
කිඳුරියේ මා හදේ
ඔබගේ සේයා ඇඳුණා…
භවපුරා ආ මගේ
පතිනිය ඔබදෝ සිතුනා…

වැටෙනා හුස්ම ගානේ
ඔබමයි සිත පතන්නේ…
නොනිදා දකින සිහිනේ
මායම් පාන කුමරී…
කිඳුරියේ මා හදේ
ඔබගේ සේයා ඇඳුණා…
භවපුරා ආ මගේ
පතිනිය ඔබදෝ සිතුනා…

තිබෙනා තුරා දිවි මා
හැරදා නොයමි කිසිදා…
ඉඳුරා කියමි දිවුරා
සසරේ පතමි සැමදා…
කිඳුරියේ මා හදේ
ඔබගේ සේයා ඇඳුණා…
භවපුරා ආ මගේ
පතිනිය ඔබදෝ සිතුනා…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pathiniya Song Lyrics - පතිනිය ගීතයේ පද පෙළ Pathiniya Song Lyrics - පතිනිය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 03, 2021 Rating: 5

0 comments:

Post a Comment