Sobha Alankare Muhune Song Lyrics - සොභා අලංකාරේ මුහුණේ ගීතයේ පද පෙළ

Sobha Alankare Muhune Song Lyrics - සොභා අලංකාරේ මුහුණේ ගීතයේ පද පෙළ
Song Title : Sobha Alankare Muhune (සොභා අලංකාරේ මුහුණේ)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා
සංගීතය : ආර්. මුත්තුසාමි
ගී පද : කරුණාරත්න අබේසේකර
'අල්ලපු ගෙදර' චිත්‍රපටියෙන්


සොභා අලංකාරේ මුහුණේ
තමන්ට දැකගන්නට බැහැනේ
බලන්නෙ ඒ ශ්‍රියාව කැඩපතට එබීලයි
වන වැල්ද දැවටෙන්න සරණේ සොයයි //

සුසීත ගංගා තලේ
නීල දිය රැල්ල වෙරළේ එළේ //
ඔරු පාරු තිබුණාට ඉන් නෑ පලේ
පැද යන්න හබලක්ද ඕනෑ ජලේ

සොභා අලංකාරේ මුහුණේ
තමන්ට දැකගන්නට බැහැනේ
බලන්නෙ ඒ ශ්‍රියාව කැඩපතට එබීලයි
වන වැල්ද දැවටෙන්න සරණේ සොයයි //

පැසීල ඇති පාඩුවේ
මිහිරි රසදායී ඵල ජාති වේ //
දුරදීම දැකලා දැනේදෝ කෙසේ
ගෙඩි කන්න නැති දිවට නොදැනේ රසේ

සොභා අලංකාරේ මුහුණේ
තමන්ට දැකගන්නට බැහැනේ
බලන්නෙ ඒ ශ්‍රියාව කැඩපතට එබීලයි
වන වැල්ද දැවටෙන්න සරණේ සොයයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sobha Alankare Muhune Song Lyrics - සොභා අලංකාරේ මුහුණේ ගීතයේ පද පෙළ Sobha Alankare Muhune Song Lyrics - සොභා අලංකාරේ මුහුණේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 26, 2021 Rating: 5

0 comments:

Post a Comment