Siri Sara Bulath Wita Kala Balan Song Lyrics - සිරි සාර බුලත් විට කාලා බලන් ගීතයේ පද පෙළ

Siri Sara Bulath Wita Kala Balan Song Lyrics - සිරි සාර බුලත් විට කාලා බලන් ගීතයේ පද පෙළ
Song Title : Siri Sara Bulath Wita Kala Balan (සිරි සාර බුලත් විට කාලා බලන්)
ගායනය : ජේ. ඒ. මිල්ටන් පෙරේරා
පද රචනය : මහගම සේකර
තනුව : පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව
1965 දී තිරගතවූ "සාරවිට" සිනමා කෘතියට නිර්මානයවූ ගීයකි.


සිරි සාර බුලත් විට කාලා බලන්

සිරි සාර බුලත් විට කාලා බලන්
හොඳ නංගී වරෙන්
පොඩි මල්ලී වරෙන්

කට සුවඳ කරයි
දත් පණුවෝ නොකයි
සිරි සාර බුලත් විට කාලා බලන්

පන්සල පල්ලියෙ කෝවිල හන්දියෙ බස් නැවතුම් පොළෙ පෝලිමෙ හැමතැන
කාගෙත් හොඳහිත සමග බෙදිගෙන කාලා බලන්

කරඳමුංගු කරාබුනැටි සාදික්කා වසාවාසි

කරඳමුංගු කරාබුනැටි සාදික්කා වසාවාසි
ඉඟුරුපියලි කොත්තමල්ලි චුන්නපූග නාගවල්ලි //
මේවා නිසි පදමට ගෙන කටට රහට

සිරි සාර බුලත් විට කාලා බලන්

සිරි සාර බුලත් විට කාලා බලන්

සිරි සාර බුලත් විට කාලා බලන්
හොඳ නංගී වරෙන්
පොඩි මල්ලී වරෙන්

කට සුවඳ කරයි
දත් පණුවෝ නොකයි
සිරි සාර බුලත් විට කාලා බලන්

ඇති නෑදෑකම් තහවුරු වෙන්නට
නැති නෑදෑකම් ඇතිකර ගන්නට
සැපතට විපතට ගමනට බිමනට කාලා බලන්

කරදමුංගු කරාබුනැටි සාදික්කා වසාවාසි

කරදමුංගු කරාබුනැටි සාදික්කා වසාවාසි
ඉඟුරුපියලි කොත්තමල්ලි චුන්නපූග නාගවල්ලි //
මේවා නිසි පදමට ගෙන කටට රහට

සිරි සාර බුලත් විට කාලා බලන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Siri Sara Bulath Wita Kala Balan Song Lyrics - සිරි සාර බුලත් විට කාලා බලන් ගීතයේ පද පෙළ Siri Sara Bulath Wita Kala Balan Song Lyrics - සිරි සාර බුලත් විට කාලා බලන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 26, 2021 Rating: 5

0 comments:

Post a Comment