Sikuruliya Song Lyrics - සිකුරුලියා ගීතයේ පද පෙළ

Sikuruliya Song Lyrics - සිකුරුලියා ගීතයේ පද පෙළ
Song Title : Sikuruliya (සිකුරුලියා)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද : ධර්මසිරි ගමගේ
එච්.ඩී. ප්‍රේමරත්නයන්ගේ සිකුරුලියා චිත්‍රපටියෙන්


කොමළ ලියා බොළඳ ලියා
මාව දමා යන්න ගියා
සියුමැලියා සිකුරුලියා
සියුමැලියා සිකුරුලියා

ගත සීතල පහස ලබා
ළැම රන්වන් සුවඳ සොබා
නිමවෙයි රොන් ලැබුව මෙමා
සිකුරුලියා
මාව දමා යන්න ගියා සිකුරුලියා

කොමළ ලියා බොළඳ ලියා
මාව දමා යන්න ගියා
සියුමැලියා සිකුරුලියා
සියුමැලියා සිකුරුලියා

නෙත ඇඳි රුව ඔබෙනේ සුදූ
අද ඒ නෙත කඳුළු බිඳූ
ආදරයෙන් ඔබද හැදූ
සිකුරුලියා
මාව දමා යන්න ගියා
සිකුරුලියා

කොමළ ලියා බොළඳ ලියා
මාව දමා යන්න ගියා
සියුමැලියා සිකුරුලියා
සියුමැලියා සිකුරුලියා

ආදරයෙන් ඔබ හින්දා
මා මනසින් දුක් වින්දා
පාළුව ළඟ මා රන්දා
සිකුරුලියා
මාව දමා යන්න ගියා සිකුරු ලියා

කොමළ ලියා බොළඳ ලියා
මාව දමා යන්න ගියා
සියුමැලියා සිකුරුලියා
සියුමැලියා සිකුරුලියා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sikuruliya Song Lyrics - සිකුරුලියා ගීතයේ පද පෙළ Sikuruliya Song Lyrics - සිකුරුලියා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 27, 2021 Rating: 5

0 comments:

Post a Comment