Dethuna Wathawak Song Lyrics - දෙතුන් වතාවක් ගීතයේ පද පෙළ

Dethuna Wathawak Song Lyrics - දෙතුන් වතාවක් ගීතයේ පද පෙළ
Song Title : Dethuna Wathawak (දෙතුන් වතාවක්)
ගායනය : මිල්ටන් පෙරේරා
සංගීතය : වික්ටර් රත්නායක
ගී පද : කරුණාරත්න අබේසේකර


දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමි
සැප දුක් සොයා බලන්න
මගෙ දුරකතනයෙ අංකය මතකද
මොහොතක් කතා කරන්න //

රුව දැක ගැන්මට පින් නැත දැන් මට
මතක් උනත් සන්තෝෂයි
කෙලින්ම සවනට රැගෙන ඔබේ හඩ
අහගන්නට හරි ආසයි //

දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමි
සැප දුක් සොයා බලන්න
මගෙ දුරකතනයෙ අංකය මතකද
මොහොතක් කතා කරන්න //

ඇසිපිය හෙලනා තරමට වැඩියෙන්
ඔබ ගැන මට සිහිවෙනවා
ඉකිබිඳ හඬනා කිරි දරුවකු මෙන්
මගෙ හදවත වැලපෙනවා //

දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමි
සැප දුක් සොයා බලන්න
මගෙ දුරකතනයෙ අංකය මතකද
මොහොතක් කතා කරන්න //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dethuna Wathawak Song Lyrics - දෙතුන් වතාවක් ගීතයේ පද පෙළ Dethuna Wathawak Song Lyrics - දෙතුන් වතාවක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 27, 2021 Rating: 5

0 comments:

Post a Comment