Your Choice Way

Ranwan Ran Kendi Song Lyrics - රන්වන් රන්කෙඳි ගීතයේ පද පෙළ

Ranwan Ran Kendi Song Lyrics - රන්වන් රන්කෙඳි ගීතයේ පද පෙළ
Song Title : Ranwan Ran Kendi (රන්වන් රන්කෙඳි)
ගායනය : සී.ටී. ප්‍රනාන්දු
සංගීතය : නෙවිල් ප්‍රනාන්දු
ගී පද : කරුණාරත්න අබේසේකර


රන්වන් රන්කෙඳි පීරාලා
චන්දන කල්කෙන් නෑවිලා
රන්වන් රන්කෙඳි පීරාලා
චන්දන කල්කෙන් නෑවිලා
කිංකිණි නූපුර නාද දී
මල් මල් මුහුණක් ඒ ඇදී
උකුල සලාලා බඳ නලවාලා
රඟන්න සියුමැලියේ //

හදේ වීනාව දී නාද දේ
නයනානන්ද රූපේ අගේ
හදේ වීනාව දී නාද දේ
නයනානන්ද රූපේ අගේ
ලියනාරී ලතා නුඹ නැත්තේ කතා
රණ හංසිය වගේ විල් දියේ
රමණීයයි ඔබේ නෙත් ප්‍රියේ

ඕ... රන්වන් රන්කෙඳි පීරාලා....

නෙතඟේ බැල්ම නිලුපුල් වගේ
මුදු සේ දන්ත කල්‍යාණ වේ
නෙතඟේ බැල්ම නිලුපුල් වගේ
මුදු සේ දන්ත කල්‍යාණ වේ
සුර ලෝකෙන් ගෙනා සළු සුළගේ වනා
රණ මයුරී ලෙසේ මල් මුවේ
රඟපානු සිනා පා ලොවේ

ඕ... රන්වන් රන්කෙඳි පීරාලා
චන්දන කල්කෙන් නෑවිලා
රන්වන් රන්කෙඳි පිරාලා
චන්දන කල්කෙන් නෑවිලා
කිංකිණි නූපුර නාද දී
මල් මල් මුහුණක් ඒ ඇදී
උකුල සලාලා බඳ නලවාලා
රඟන්න සියුමැලියේ //

උකුල සලාලා බඳ නලවාලා
රඟන්න සියුමැලියේ ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ranwan Ran Kendi Song Lyrics - රන්වන් රන්කෙඳි ගීතයේ පද පෙළ Ranwan Ran Kendi Song Lyrics - රන්වන් රන්කෙඳි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, May 24, 2021 Rating: 5

0 comments:

Post a Comment