Para Maru Wenne Aida Song Lyrics - පාර මාරු වෙන්නෙ ඇයිද ගීතයේ පද පෙළ

Para Maru Wenne Aida Song Lyrics - පාර මාරු වෙන්නෙ ඇයිද ගීතයේ පද පෙළ
Song Title : Para Maru Wenne Aida (පාර මාරු වෙන්නෙ ඇයිද)
ගායනය : ලයනල් රන්වල
සංගීතය : ලයනල් රන්වල
ගී පද : සිසිර දිසානායක


පාර මාරු වෙන්නෙ ඇයිද මා දුටුවම නංගියේ
මා එපා වෙලා නම් වෙන පාරක යන්නම්
නැතිනම් ගම් පළාත අතහැර යන්නම්
නැතිනම් ගම් පළාත අතහැර යන්නම් //

උදෑසනට සුබ පතනා...
උදෑසනට සුබ පතනා
නුඹෙ සිනහ මනාවයි
යස ගමන් ලතාවයි
මං නුඹට මනාපයි
හංග හංග ඉන්නෙ නැතිව
ඒ වග මං කිව්ව හන්ද
නුඹ අමනාපයි
නුඹ අමනාපයි

පාර මාරු වෙන්නෙ ඇයිද මා දුටුවම නංගියේ
මා එපා වෙලා නම් වෙන පාරක යන්නම්
නැතිනම් ගම් පළාත අතහැර යන්නම්
නැතිනම් ගම් පළාත අතහැර යන්නම්

හැන්දෑවට කඩිමුඩියේ...
හැන්දෑවට කඩිමුඩියේ
නුඹ ගෙදර දුවඤ්ඤයි
මං පෙරුම් පුරඤ්ඤයි
මග බලා හිඳිඤ්ඤයි
පන්න පන්න යන්නෙ නැතිව
පාඩුවෙ මං උන්න හන්ද
නුඹ දැන් කෝළයි
නුඹ දැන් කෝළයි

පාර මාරු වෙන්නෙ ඇයිද මා දුටුවම නංගියේ
මා එපා වෙලා නම් වෙන පාරක යන්නම්
නැතිනම් ගම් පළාත අතහැර යන්නම්
නැතිනම් ගම් පළාත අතහැර යන්නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Para Maru Wenne Aida Song Lyrics - පාර මාරු වෙන්නෙ ඇයිද ගීතයේ පද පෙළ Para Maru Wenne Aida Song Lyrics - පාර මාරු වෙන්නෙ ඇයිද ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 08, 2021 Rating: 5

0 comments:

Post a Comment