Your Choice Way

Liviya (Hitha Mage Raduna) Song Lyrics - ලිවියා (හිත මගේ රැදුනා) ගීතයේ පද පෙළ

Liviya Song Lyrics - ලිවියා ගීතයේ පද පෙළ
Song Title : Liviya (ලිවියා)
Artists : Deeptha ft NST & Neo
Lyrics : Deeptha Nst & Neo
Female Vocalist : Ashika senaratne
Produced by Nst 
Mixed and Mastered by Neo
Video Director : Gihan Anuruddha
Camera Director : Kasun Pieris 
Colourist  & Special Effects : Gaishu G


හිත මගේ රැදුනා
ඔය හැඩ රුව ගාවා
ලග දැවටෙන මායම්
දිලි දිලි නෙතුදෑ

තා ඉවසනු බෑ
ඒ නම ලිවියා
ඇය මගහරිනා
මට ඇයවම ඕනා

තව ඉවසනු බෑ
මා ඔබේ ලිවියා
සැමදා ලිවියා
මා හා

එන්න යන්න කෙල්ලේ
දුර පියාඹන්න මාත් එක්ක
ඇස් වලින් කිව්ව රහසක්
තොල් වලින් කලා නුඹ මට ඉගියක්
ඇන්දා නුඹ හිතේ චිත්‍රයක්
කරගත්තා ඒක නව පරිච්චේදයක්
මම මැව්වා සුන්දර හීනයක්
නලගනක් පරාදයි නුඹ
දෙව්ලියක්

කට කොනකින් නුඹ හිනාවෙනකොට
මගේ ඔලුව විකාරයි නන්නත්තාරයි
ඉග සුග පද්දන ඉටි රුව උඹේ
උඹ හරිම හැඩයි
හින්දි නිලියෝ පරාදයි
ගුලි වෙන්නට ආසයි නුඹ ගාව
හාදු වැස්සකින් මාව තෙමනවද
කෝල සිනා ඒ බොලද කතා
හැමදාමත් මාව වශී කරයි ද

ආදරේ තරම් සාගරේ
පොඩි එකෙක් වගෙයි
උඹේ දාංගලේ
නවත්තන්නේ නෑනේ කතන්දරේ
හරහට හිටියත් අපේ කේන්දරේ

සරාගි බැල්මෙන් පුච්චපං මාව
හිරිගඩු පිපුනා දැක්කම උකුල
ඉන්න දෙනවා නම් මට උඹ ගාව
හදවත ගලවලා දෙන්නම් අතට

කෙට්ටු ලෑලිකෑලී නෑනේ ඕනේ මට
මට ඕනේ මගේ චබී කෙල්ල
ඔයා ඉන්න හැමදාම මාත් එක්ක
ලැජ්ජවෙලා බිම බලාගෙන ඉන්න එපා
උතුරන්න කෙල්ලේ උඹේ ආදරේ මට නේද

එන්න කෙල්ලේ සුදු මුහුන
හාදු වලින් පුරවන්න
කන්පෙති තොල් වලින් හිරි වට්ටන්න
තාම මේක පටන් ගත්තා විතරයි කෙල්ලේ
මැනිකක් වෙලා නුඹ කලා ලෝකේ දිස්නේ

නැත්තන් නුඹ මගේ ලෝකේ
පිස්සෙක් උනා මම නිසා ආදරේ
ලස්සන නුඹේ ඇග ගැස්සෙන විදිහට
අතරමං උනා මං මේ සයනේ
පාලු මකන්නම් ජීවිතේ පුරා
හොදම යාලුවා ඒත් නුඹ තමා
ඉක්මනට වරෙන් වෙන්නෙපා පමා
කරගන්නම් මගේ ජීවිතේ සදා

හිත මගේ රැදුනා
ඔය හැඩ රුව ගාවා
ලග දැවටෙන මායම්
දිලි දිලි නෙතුදෑ

තා ඉවසනු බෑ
ඒ නම ලිවියා
ඇය මගහරිනා
මට ඇයවම ඕනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Liviya (Hitha Mage Raduna) Song Lyrics - ලිවියා (හිත මගේ රැදුනා) ගීතයේ පද පෙළ Liviya (Hitha Mage Raduna) Song Lyrics - ලිවියා (හිත මගේ රැදුනා) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Saturday, May 08, 2021 Rating: 5

0 comments:

Post a Comment