දුර්ලභ නික ශාකයේ ඖෂධීය වටිනාකම (Nika)

දුර්ලභ නික ශාකයේ ඖෂධීය වටිනාකම (Nika) - Your Choice Way
✅ මීටර් 8 ක් දක්වා උසට පඳුරු ලෙස වැවෙන කුඩා ශාකයක් ලෙස හඳුනා ගත හැකි නික ශාකය බොහෝ රෝග සඳහා අත් බෙහෙතක් වශයෙන් යොදා ගනී. වැඩුණු ශාකයෙහි කඳ රතු දුඹුරු පැහැයක් ගන්න අතරම ලපටි අතු සුදුපැහැ බවකින්  යුක්ත වේ. මලේ වර්ණය අනුව වර්ග දෙකක් ඇති අතර වසර පුරාම මල් හට ගනී. කොළ, මල්, මුල්, පොතු හා ගෙඩි වශයෙන් මුළු ශාකයම ඖෂධ  ලෙස යොදා ගනී. නික කොළ කෘමි සතුන් විසර්ජකයක් ලෙසද ක්‍රියා කරයි. 

✅ වාත රෝග, ඉදිමුම්, ආතරයිට්ස්, දද, කුෂ්ට, ඇස්  රෝග, කර්ණ රෝග, නාග විෂ, ප්ලිහාව ඉදිමීම, පණු රෝග ආදී රෝග සඳහා නික ගුණ දේ. පනුවන් සහිත තුවාල පිරිසිඳු කිරීමට යොදා ගනී. වයසට යාම වලකා තරුණ බව ආරක්ෂා කරයි. පත්‍ර යුෂ පිළිකා සෛල මර්දන හැකියාව ඇතැයි සැලකේ. 

✅ ප්‍රතිකාර 


🌿 වාත රෝග සඳහා නික මුල් හෝ මුලේ පොතු යෙදු කෂාය ගුණ දෙන අතර නික කොළ පොට්ටනියෙන් තවන්න. 

🌿 සමේ රෝග සඳහා නික කොළ තැම්බූ වතුරෙන් සෝදන්න.

🌿 තද හිසරදයට නික කොළ ඇල්දියෙන් අඹරා තලපයක් සේ නළලේ ආලේප කරන්න.

🌿 හිස්හොරි සඳහා නික කොළ තැන්ඹු වතුරෙන් හිස සෝදන්න.

🌿 අකලට හිස කෙස් පැසීමට නික කොළ, පොකුරු වද මල් සමඟ කොටා මිරිකා ගත් යුෂ පිරිසිඳු පොල්තෙල් වලට කලවම් කර හිසේ ගාන්න.

🌿 පැසවූ ගෙඩි පිපිරවීමට නික දළු හෝ මල් ඇල් දියෙන් අඹරා ගෙඩි මත ආලේප කරන්න.

🌿 අක්ෂි රෝග සඳහා නික කොළ තැන්ඹු වතුරෙන් ඇස් සෝදන්න.

🌿 හැඳි අමාරු හා තුනටිය වේදනාවන් සඳහා නික, පාවට්ටා, එඬරු කොළ, සුදුළුණු, කොට්ට පොල්, ඉඟුරු සමව ගෙන පොට්ටනි බැඳ තවන්න

-මව්බිම පුවත්පත ඇසුරිනි -
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි..
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දුර්ලභ නික ශාකයේ ඖෂධීය වටිනාකම (Nika) දුර්ලභ නික ශාකයේ ඖෂධීය වටිනාකම (Nika) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 27, 2021 Rating: 5

0 comments:

Post a Comment