Liden Wathura Bila Song Lyrics - ළිදෙන් වතුර බීලා ගීතයේ පද පෙළ

Liden Wathura Bila Song Lyrics - ළිදෙන් වතුර බීලා ගීතයේ පද පෙළ
Song Title : Liden Wathura Bila (ළිදෙන් වතුර බීලා)
ගායනය : වික්ටර් රත්නායක
පද රචනය : සිරිල් ඒ සීලවිමල
සංගීතය : ආර්. ඒ. චන්ද්‍රසේන


ළිදෙන් වතුර බීලා..
එයින් වතුර නාලා..
ළිඳට ගල් ගසාලා..
වතුර බොර කරයි මිනිසා..
වතුර බොර කරයි මිනිසා
ගඟට ආවඩයි..

ගහේ වැල එතීලා යාවී හැදී..
පසුව මිලින වීලා සාරේ අදී..
කාලා බීලා නිදලා කාලේ ගෙවයි..
කාපු තැනද වනසා මිනිසා දුවයි..

ළිදෙන් වතුර බීලා..
එයින් වතුර නාලා..
ළිඳට ගල් ගසාලා..
වතුර බොර කරයි මිනිසා..
වතුර බොර කරයි මිනිසා
ගඟට ආවඩයි..

ඉණිමන් තබාලා නැගීලා බලයි..
එයට පහර දීලා කඩාලා දමයි..
අතීතේ නසාලා දිනුවා සිතයි..
තිබූ තැනද නැතිවී පරාදේ වැටේ..

ළිදෙන් වතුර බීලා..
එයින් වතුර නාලා..
ළිඳට ගල් ගසාලා..
වතුර බොර කරයි මිනිසා..
වතුර බොර කරයි මිනිසා
ගඟට ආවඩයි..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Liden Wathura Bila Song Lyrics - ළිදෙන් වතුර බීලා ගීතයේ පද පෙළ Liden Wathura Bila Song Lyrics - ළිදෙන් වතුර බීලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 28, 2021 Rating: 5

0 comments:

Post a Comment