Your Choice Way

Lassanata Pipuna Wanamal Song Lyrics - ලස්සනට පිපුණ වනමල් ගීතයේ පද පෙළ

Lassanata Pipuna Wanamal Song Lyrics - ලස්සනට පිපුණ වනමල් ගීතයේ පද පෙළ
Song Title : Lassanata Pipuna Wanamal (ලස්සනට පිපුණ වනමල්)
ගායනය : නිහාල් නෙල්සන්
සංගීතය : ආර්.ඒ චන්ද්‍රසේන
ගී පද : සරත් මුණසිංහ


රෝස මලකුයි නෙළුම් මලකුයි ලස්සන වෙයි
හමන සුළඟයි ගීත රාවෙයි ඔබගේ වගෙයි
මගේ කිරිල්ලී ඈ ගියා ඉගිල්ලී
මං ශෝකෙමයි
රෝස මලකුයි නෙළුම් මලකුයි ලස්සන වෙයි
හමන සුළඟයි ගීත රාවෙයි ඔබගේ වගෙයි
මගේ කිරිල්ලී ඈ ගියා ඉගිල්ලී
මං ශෝකෙමයි
රෝස මලකුයි නෙළුම් මලකුයි ලස්සන වෙයි

ඉස්සර මම එනකොට ‍ඔබ ඉඳන් මඟ බලා
ලස්සන ඔය ගැස්සෙන අත්තටු සළලා
ආදරෙයි ආදරෙයි කිය කිය ඉඳලා
මට නොකියම ඇයි ගියෙ වනයට පියාඹලා
වනයට පියාඹලා වනයට පියාඹලා
ඇයි ගියෙ වනයට පියාඹලා

ලස්සනට පිපුණ වනමල් ගල් පීරන දියවැල්
මම ආස කරන මැණික් කැටේ නිල්
දුර ඈත කැලේ ගල් ගුහාවක ගෙවනවා කල්
ලස්සන මගේ කිරිල්ලි සුරතල්

සුපුන් චන්ද්‍ර දිලී අහසෙ තරු නැඟ එද්දී
රැල්ල පෙරළි ඇවිල්ලා සුදු වැල්ල සිඹිද්දි
සවන් පිනන මදු ගී ගුවනට එක් වෙද්දී
ඔයා ඇයි තනියම කිරිල්ලියේ තනියම කැලේකට වැදී
කැලේකට වැදී කැලේකට වැදී
ඇයි තනියම කැලේකට වැදී

ලස්සනට පිපුණ වනමල් ගල් පීරන දියවැල්...

ඉර බැස යන්නට මත්තෙන් කූඩුව සොයලා
පෙර ඔබ එන හැටි පේනවා තාම මැවීලා
එන්න එන්න කිරිල්ලියේ වහා පියඹලා
තාමත් මගේ කූඩුව ඔබ නිසාම ඇරිලා
ඔබ නිසාම ඇරිලා ඔබ නිසාම ඇරිලා
ඒ කූඩුව ඔබ නිසාම ඇරිලා..

ලස්සනට පිපුණ වනමල් ගල් පීරන දියවැල්...


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lassanata Pipuna Wanamal Song Lyrics - ලස්සනට පිපුණ වනමල් ගීතයේ පද පෙළ Lassanata Pipuna Wanamal Song Lyrics - ලස්සනට පිපුණ වනමල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Saturday, May 01, 2021 Rating: 5

0 comments:

Post a Comment