Kulagedarin Song Lyrics - කුලගෙදරින් ගීතයේ පද පෙළ

Kulagedarin Song Lyrics - කුලගෙදරින් ගීතයේ පද පෙළ
Song Title : Kulagedarin (කුලගෙදරින්)
ගායනය : බන්දුල විජේවීර
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : ආචාර්ය වික්ටර් රත්නායක
“හුලවාලි“ චිත්‍රපටයේ ගීතයක්


කුලගෙදරින් දුම්බර කඳුවැටියේ...[පතිකුලයට අද]
කැන්දන් එනවා දුම්බර මැණිකේ..
මනුකුල සිරිතට පතිකුලයට අද
කැන්දන් එනවා දුම්බර මැණිකේ..//

වන ලන්දෙ හැංඟුනු මූණු පොඩ්ඩක්
කෝල වෙයි ගම් මණ්ඩියේ
ගහ වැල් පිපී සුවඳින් පිරී අද
පෙම් කෙලී වැව් කණ්ඩියේ...//

වාසනාවන් හරි වාසනාවන්...////

කුලගෙදරින් දුම්බර කඳුවැටියේ...[පතිකුලයට අද]
කැන්දන් එනවා දුම්බර මැණිකේ..
මනුකුල සිරිතට පතිකුලයට අද
කැන්දන් එනවා දුම්බර මැණිකේ..//

දඹ රත්තරන් හැඩදා සොදින් කල
රූපයක් හැඟුමක් වගේ
ඔහෙ ඇස් වහක් නැත හෝ වහක් නැත
ආකාහේ තරුවක් වගේ..//

වාසනාවන් හරි වාසනාවන්...////

කුලගෙදරින් දුම්බර කඳුවැටියේ...[පතිකුලයට අද]
කැන්දන් එනවා දුම්බර මැණිකේ..
මනුකුල සිරිතට පතිකුලයට අද
කැන්දන් එනවා දුම්බර මැණිකේ..//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kulagedarin Song Lyrics - කුලගෙදරින් ගීතයේ පද පෙළ Kulagedarin Song Lyrics - කුලගෙදරින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 07, 2021 Rating: 5

0 comments:

Post a Comment