Kiri Dunne Daruwantai Song Lyrics - කිරි දුන්නේ දරුවන්ටයි ගීතයේ පද පෙළ

Kiri Dunne Daruwantai Song Lyrics - කිරි දුන්නේ දරුවන්ටයි ගීතයේ පද පෙළ
Song Title : Kiri Dunne Daruwantai (කිරි දුන්නේ දරුවන්ටයි)
ගායනය : නිහාල් නෙල්සන්
සංගීතය : රංජිත් පෙරේරා
පද රචනය : සරත් මුණසිංහ


කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ..
පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ..
ඒ කළ ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ..
එපා එපා මස් කන්නට කිරි අම්මාගේ...

අහිංසක තිරිසන් ගවයාටත් පණයි තියෙන්නේ..
එවන් සතෙකු අහෝ අකාලයේ කිමද මරන්නේ..
ටිකක් හිතල බලනු ඌ පිරිසිදු තණකොල කන්නේ..
නමුත් මිනිසත් බව ලැබු ඔබ ඇයි මළකුණු කන්නේ..

කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් ගවමස් උයලා..
බලනු තුන්සිය හැටපහ වැඩිකර තිස්පහ යොදලා..
ගණන දොලොස් දහස් හත්සිය හැත්තෑ පහක් වෙලා
ඔබට තේරුනාද ඔබ කල පව් දුර දිග නොබලා..

කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ..
පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ..
ඒ කළ ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ..
එපා එපා මස් කන්නට කිරි අම්මාගේ...

මුදල් තන්හාවෙන් සමහරු ගවයා විකුණන්නේ..
අහිංසක සතකුගෙ ඉරණම ඉන්පසු විසදෙන්නේ..
යලිත් ඒ මුදලින් මස් ගෙනැවිත් රසකර කන්නේ..
තමන් විකුණූ ගවයගෙ මස් බව ඔහු නෑ දන්නේ..

ගිතෙල් මී කිරි එළකිරි පස්ගෝ රස සපයන්නේ..
ඉවතලන පොහොරින් මහ එළවළු කොටු සරුවන්නේ..
මෙවන් සතෙකුගෙ මස් නොකන අයට සෙත සැලසෙන්නේ..
එවන් පිරිසිදු හදවත් තුල දෙවියන් වැඩ ඉන්නේ..

කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ..
පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ..
ඒ කළ ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ..
එපා එපා මස් කන්නට කිරි අම්මාගේ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kiri Dunne Daruwantai Song Lyrics - කිරි දුන්නේ දරුවන්ටයි ගීතයේ පද පෙළ Kiri Dunne Daruwantai Song Lyrics - කිරි දුන්නේ දරුවන්ටයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 02, 2021 Rating: 5

0 comments:

Post a Comment