Rajage Nangige Nama Roja (Nadaraja) Song Lyrics - රාජගෙ නංගිගෙ නම රෝජා (නඩරාජා) ගීතයේ පද පෙළ

Rajage Nangige Nama Roja (Nadaraja) Song Lyrics - රාජගෙ නංගිගෙ නම රෝජා (නඩරාජා) ගීතයේ පද පෙළ
Song Title : Rajage Nangige Nama Roja (Nadaraja) (රාජගෙ නංගිගෙ නම රෝජා (නඩරාජා))
ගායනය : නිහාල් නෙල්සන්
තනුව : ස්ටැන්ලි පීරිස්
ගී පද : හේමසිරි හල්පිට


රාජගෙ නංගිගෙ නම රෝජා
ඈ මා දැකලා වී ලැජ්ජා
හදවත කල හින්දා පූජා
මගේ මස්සිනා නඩරාජා
දැං මගේ මස්සිනා නඩරාජා

ආඬි ළිඳේ දිය ඇදල උදේ
මට නාගන්නට කියල වදේ
උදේට හදලා මසල වඩේ
කන්නට දෙන එක ඇයගෙ වැඩේ

රාජගෙ නංගිගෙ නම රෝජා...

තල් රා මුට්ටිය ඉහේ තියා
නඩරාජා එයි මාව හොයා
මගේ මෂ්ෂිනා ඔන්ද මුනියා
කියලා මට සලකනව එයා

රාජගෙ නංගිගෙ නම රෝජා...

රජ සැප ලැබුණත් ඉඳල මෙහේ
ගම රට අමතක කෙරුව නොහේ
පැනගත්තා යාපනෙන් අනේ
රෝජා ගැන දැන් දුකක් දැනේ

රාජගෙ නංගිගෙ නම රෝජා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rajage Nangige Nama Roja (Nadaraja) Song Lyrics - රාජගෙ නංගිගෙ නම රෝජා (නඩරාජා) ගීතයේ පද පෙළ Rajage Nangige Nama Roja (Nadaraja) Song Lyrics - රාජගෙ නංගිගෙ නම රෝජා (නඩරාජා) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 02, 2021 Rating: 5

0 comments:

Post a Comment