Count Dracula Song Lyrics - කවුන්ට් ඩ්‍රැකියුලා ගීතයේ පද පෙළ

Count Dracula Song Lyrics - කවුන්ට් ඩ්‍රැකියුලා ගීතයේ පද පෙළ
Song Title : Count Dracula(කවුන්ට් ඩ්‍රැකියුලා)
ගායනය : නිහාල් නෙල්සන්


සඳ පායන රෑ කාලේ
කළු ලෝගුව පොරවාලා
උල් දත් දෙක දිගු කරගෙන
ලේ වල ඉව බල බලා //

මම එනවා අඳුර මැදින්
මොර දෙනවා ගිරිය යටින්
මමයි කවුන්ට් ඩ්‍රැකියුලා
මමයි කවුන්ට් ඩ්‍රැකියුලා
මමයි කවුන්ට් ඩ්‍රැකියුලා

අන්ධකාරයේ හිනාව
දෝංකාරයේ ගෙනාව
මළවුන්ගේ රාජධානියේ
වැන් හෙල්සිංගේ වෙලාව
මගේ ලොවේ අවේලාව
වවුල් වෙසින් මං වැජඹෙන්නේ //

මම එනවා අඳුර මැදින්....

සමාදානයේ සැතපෙන
මිනී වලේදී හිනැහෙන
අයගෙ රජා මමයි යාළුවේ
වොර්ක රෑනගේ සහාය
මගේ තනිය නැති කළේය
රුහිරු බොමින් මං සැනසෙන්නේ //

සඳ පායන රෑ කාලේ
කළු ලෝගුව පොරවාලා
උල් දත් දෙක දිගු කරගෙන
ලේ වල ඉව බල බලා //

මම එනවා අඳුර මැදින්
මොර දෙනවා ගිරිය යටින්
මමයි කවුන්ට් ඩ්‍රැකියුලා
මමයි කවුන්ට් ඩ්‍රැකියුලා
මමයි කවුන්ට් ඩ්‍රැකියුලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Count Dracula Song Lyrics - කවුන්ට් ඩ්‍රැකියුලා ගීතයේ පද පෙළ Count Dracula Song Lyrics - කවුන්ට් ඩ්‍රැකියුලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 02, 2021 Rating: 5

0 comments:

Post a Comment