Kimada Sumihiriye Song Lyrics - කිමද සුමිහිරියේ ගීතයේ පද පෙළ

Kimada Sumihiriye Song Lyrics - කිමද සුමිහිරියේ ගීතයේ පද පෙළ
Song Title : Kimada Sumihiriye (කිමද සුමිහිරියේ)
ගායනය : සී. ටී. ප්‍රනාන්දු
සංගීතය : සී. ටී. ප්‍රනාන්දු
පද රචනය : කරුණාරත්න අබේසේකර


කිමද සුමිහිරියේ මේ අරුමේ
මහද පිබිදෙන්නේ
ඔබගෙ දෑසේ නැගෙන කැල්මේ
රහස නැත දන්නේ ... //

සෙවණැල්ල වගේ ඔබ එන විලසේ
මට දැනේ නිතර රහසේ
මුදු තොල් පොපියා කිසිවක් නොකියා
ඇයි යන්නෙ පැන විගසේ
හැම උදේම තනියම මෙසේ
හැම උදේම තනියම මෙසේ
ප්‍රිය ළඳේ ඔබව හමුවේ
කල්පනාව පෙම්බර හිනාව පින්බර
මගේ හිතට සුව දේ

කිමද සුමිහිරියේ මේ අරුමේ
මහද පිබිදෙන්නේ
ඔබගෙ දෑසේ නැගෙන කැල්මේ
රහස නැත දන්නේ ... //

කෙහෙරැල්ල වැටී නළලට සිරසේ
සිහිලක් දේ බොළඳ මුහුණේ
වන මල් පිපිලා බර වී නැමිලා
ළං වෙන්න එයි මැණිකේ
දුටුවාම හදවත ඔබේ
දුටුවාම හදවත ඔබේ
දුක නැසී සතුට ඇතිවේ
ඔබ ගියේ බලන් හිඳ
අගේ කරන්නද
කියන්න සුරතලියේ

කිමද සුමිහිරියේ මේ අරුමේ
මහද පිබිදෙන්නේ
ඔබගෙ දෑසේ නැගෙන කැල්මේ
රහස නැත දන්නේ ... //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kimada Sumihiriye Song Lyrics - කිමද සුමිහිරියේ ගීතයේ පද පෙළ Kimada Sumihiriye Song Lyrics - කිමද සුමිහිරියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 24, 2021 Rating: 5

0 comments:

Post a Comment