Hithak Thibuna Song Lyrics - හිතක් තිබුණා ගීතයේ පද පෙළ

Hithak Thibuna Song Lyrics - හිතක් තිබුණා ගීතයේ පද පෙළ
Song Title : Hithak Thibuna (හිතක් තිබුණා)
ගායනය : නදීක ගුරුගේ
සංගීතය : නදීක ගුරුගේ
ගී පද : චාමින්ද රත්නසූරිය


හිතක් තිබුණා
මටත් පෙම් කරනා
හිතන් උන්නා
ඈ මගෙම කියලා
හිතුවෙවත් නෑ
ඈ යාවි යැයි හැරදා
ඉල් මහේ සඳ සේ
ඈ ගියා මැකිලා
ඉල් මහේ සඳ සේ
ඈ ගියා මැකිලා

කලක් තිබුණා
ඉමක් නොදකිනා //
අනත් සුවයක
පහස සොයනා
අද වසක් විසක් සේ
දැනුණාට ඔබට මා
අද වසක් විසක් සේ
දැනුණාට ඔබට මා

මහා කඳුලක
ළතැවුල් සඟවා //
පාළු අඳුරක
ගුලිව හිඳ මා
ඔබේ වදන් පිහිතුඩු
ඇන ගනිමි හැම රෑ
ඔබේ වදන් පිහිතුඩු
ඇන ගනිමි හැම  රෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hithak Thibuna Song Lyrics - හිතක් තිබුණා ගීතයේ පද පෙළ Hithak Thibuna Song Lyrics - හිතක් තිබුණා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 09, 2021 Rating: 5

0 comments:

Post a Comment