හබල පෙති ෆ්‍රයිඩ් රයිස් (Habala Pethi Fried Rice)

හබල පෙති ෆ්‍රයිඩ් රයිස් (Habala Pethi Fried Rice) - Your Choice Way
අද මම දවල්ට විශේෂ බතක් හැදුවා . හබල පෙති fried rice  හරිම ගුණයි රසයි . කන්න චිකන් ඩෙවල්, අල තෙල් දාලා පපඩම් බැද්දා. 

✅ අවශ්‍ය දේවල් :

  • හබල පෙති 100g
  • බිත්තර 1
  • රට ළුනු ගෙඩි 1 (සිහින්ව කපා ගත් )
  • කැරට් අල 1 (සිහින්ව කපා ගත් )
  • බෝංචි කරල් 5 (සිහින්ව කපා ගත් )
  • ලීක්ස් ටිකක් (සිහින්ව කපා ගත් )
  • සුදු ළුනු බික් 4 (සිහින්ව කපා ගත් )
  • කරපිංච ටිකක් (සිහින්ව කපා ගත් )
  • අමු මිරිස් කරල් 3 (සිහින්ව කපා ගත් )
  • ලුණු ටිකක්
  • කහ කුඩු තේ හැඳි 1/2
  • කැලි මිරිස් තේ හැඳි 1
  • තෙල් හෝ මාජරීන් මේස හැදි 2

✅ සාදා ගන්නා ආකාරය :

  1. පලමුව හබල පෙති ටික සෝදන්න. 
  2. පසුව ඒවා වැහෙන්න උණු වතුර සහ ලුණු ටිකක් දාලා කලවම් කර තැම්බෙන්න විනාඩි 5 පමණ තබන්න .
  3. භාජනයකට තෙල් හෝ මාජරීන් දමා සුදු ළුනු එක් කරන්න . ටිකක් බැඳ ගන්න . 
  4. පසුව එයට අමු මිරිස් කරපිංච ළුනු එකතු කර බැද ගන්න . 
  5. දැන් එයට බිත්තර 1 එකතු කරන්න . 
  6. එයත් ටිකක් බැදුණු පසු එළවළු එකතු කරන්න . 
  7. එවත් ටිකක් බැදුණු පසු ලුණු , කහ කුඩු සහ කැලි මිරිස් එකතු කරන්න . 
  8. අවසානෙට මිරිකාගත් හබල පෙති ටික හොදින් මිශ්‍ර කලවම් කරන්න .
Dhammika Panangala

හබල පෙති ෆ්‍රයිඩ් රයිස් (Habala Pethi Fried Rice) - Your Choice Way

හබල පෙති ෆ්‍රයිඩ් රයිස් (Habala Pethi Fried Rice) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
හබල පෙති ෆ්‍රයිඩ් රයිස් (Habala Pethi Fried Rice) හබල පෙති ෆ්‍රයිඩ් රයිස් (Habala Pethi Fried Rice) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 07, 2021 Rating: 5

0 comments:

Post a Comment