Gangule Bindena Heena Song Lyrics - ගඟුලේ බිඳෙන හීන ගීතයේ පද පෙළ

Gangule Bindena Heena Song Lyrics - ගඟුලේ බිඳෙන හීන ගීතයේ පද පෙළ
Song Title : Gangule Bindena Heena (ගඟුලේ බිඳෙන හීන)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : බන්දුල නානායක්කාරවසම්


ගඟුලේ බිඳෙන හීන හිනා මගේ
වදුලේ ඇසෙන මිහිරි කතා මගේ

පෙම පිදූ නොසංගා හී දැරූ අනංගා //

ඔබ ළඟින් රුවක් ලෙසින් හිඳිම්
කුල ගෙය දෙව් ලොව සදිසි
ගඟුලේ බිඳෙන හීන හිනා මගේ

තිසර තුඩග ලෙලෙන පියුම වාගේ
වෙලෙමි විඳිමි නිබඳ ඔබගෙ ආලේ //

ඔබ හා ආ මේ මං පෙත මාගේ //
ගම්දොර අහස වසන සරා සඳම වූයේ
ගඟුලේ බිඳෙන හීන හිනා මගේ

ගහට වැලට හැඬුම නොමැත ආයේ
සුළඟ විලස රැඳෙමි පෙනෙන මානේ //

මේ රජ දානේ බිළිඳෙකු දෑසේ //
හිමියෙනි කෙදින සිනහ ඉතිරෙද සිරියානේ

ගඟුලේ බිඳෙන හීන හිනා මගේ
වදුලේ ඇසෙන මිහිරි කතා මගේ

පෙම පිදූ නොසංගා හී දැරූ අනංගා //

ඔබ ළඟින් රුවක් ලෙසින් හිඳිම්
කුල ගෙය දෙව් ලොව සදිසි
ගඟුලේ බිඳෙන හීන හිනා මගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gangule Bindena Heena Song Lyrics - ගඟුලේ බිඳෙන හීන ගීතයේ පද පෙළ Gangule Bindena Heena Song Lyrics - ගඟුලේ බිඳෙන හීන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 29, 2021 Rating: 5

0 comments:

Post a Comment