Enna Eliyata Song Lyrics - එන්න එළියට ගීතයේ පද පෙළ

Enna Eliyata Song Lyrics - එන්න එළියට ගීතයේ පද පෙළ
Song Title : Enna Eliyata (එන්න එළියට)
Singing : Kasun Kalhara (කසුන් කල්හාර මහත්මා)


එන්න එළියට සොඳුර දැන්
ඔබ පතා තරුමල් අවදියෙන්
සඳ ඔබට පරදින හැටි බලන්නට
එන්න සොඳුරිය දොර ඇරන්…

එන්න එළියට සොඳුර දැන්
ඔබ පතා තරුමල් අවදියෙන්
සඳ ඔබට පරදින හැටි බලන්නට
එන්න සොඳුරිය දොර ඇරන්…

වැව් කුමුදු මල් දිය මත හිඳන්
පුර හඳට ළං වී සීරුවෙන්
නිල් සළු ඇඳන් වැව රැළි නඟයි
රෑ කුමාරියට බැඳි ප්‍රේමයෙන්
ඔබ විතරමයි අඩු මේ රැයට
දැන් එන්න එළියට දොර ඇරන්….

එන්න එළියට සොඳුර දැන්
ඔබ පතා තරුමල් අවදියෙන්
සඳ ඔබට පරදින හැටි බලන්නට
එන්න සොඳුරිය දොර ඇරන්…

සීතල සුළං සී පද කියයි
වැව් ඉවුර මත මදහාසයෙන්
තුරුලිය සෙමෙන් කෙහෙරැළි කඩයි
මිදුම් යහන අනුරාගයෙන්
ඔබ විතරමයි අඩු මේ රැයට
දැන් එන්න එළියට දොර ඇරන්….

එන්න එළියට සොඳුර දැන්
ඔබ පතා තරුමල් අවදියෙන්
සඳ ඔබට පරදින හැටි බලන්නට
එන්න සොඳුරිය දොර ඇරන්…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Enna Eliyata Song Lyrics - එන්න එළියට ගීතයේ පද පෙළ Enna Eliyata Song Lyrics - එන්න එළියට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 08, 2021 Rating: 5

0 comments:

Post a Comment