Balanna Aruna Samaga Song Lyrics - බලන්න අරුණ සමග ගීතයේ පද පෙළ

Balanna Aruna Samaga Song Lyrics - බලන්න අරුණ සමග ගීතයේ පද පෙළ
Song Title : Balanna Aruna Samaga (බලන්න අරුණ සමග)
ගායනය : විජය කුමාරතුංග
තනුව : මෙලෝඩියන්ස්
පද : උපාලි අත්තනායක


බලන්න
බලන්න අරුණ සමග ලොවට පිපෙන තඹරු ගණන
බලන්න මලක නොරැඳි මලක රොණක බඹරු ඇදෙන
විඳින්න සතුට සැපත මිහිරි දිවිය ඔබට ගෙණෙන
බලා නොඉන්න ආදරේ සොයා ඔබත් ඇදෙන්න //

යුගෙන් යුගය සතුට සැපත සොය සොයා
මිනිස් මොළය අහස පොළොව අභිබවා ගියා
මලින් මලට ඇදන බඹරු නොදැක ඇස පියා
බලන්න බඹර තුඩක මලක රහස

බලන්න
බලන්න අරුණ සමග ලොවට පිපෙන තඹරු ගණන
බලන්න මලක නොරැඳි මලක රොණක බඹරු ඇදෙන
විඳින්න සතුට සැපත මිහිරි දිවිය ඔබට ගෙණෙන
බලා නොඉන්න ආදරේ සොයා ඔබත් ඇදෙන්න

කොහෙන් පැමිණ කොහේ යමුද දන්නෙ නෑ
එදා හොඳද මෙදා හොඳද අපිම දන්නෙ නෑ
සදාතනික සතුට සැපත අපට එන්නෙ නෑ
සොයන්න මොටද නොතිර ලොවක රහස

බලන්න
බලන්න අරුණ සමග ලොවට පිපෙන තඹරු ගණන
බලන්න මලක නොරැඳි මලක රොණක බඹරු ඇදෙන
විඳින්න සතුට සැපත මිහිරි දිවිය ඔබට ගෙණෙන
බලා නොඉන්න ආදරේ සොයා ඔබත් ඇදෙන්න //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Balanna Aruna Samaga Song Lyrics - බලන්න අරුණ සමග ගීතයේ පද පෙළ Balanna Aruna Samaga Song Lyrics - බලන්න අරුණ සමග ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 20, 2021 Rating: 5

0 comments:

Post a Comment