Palu Rayakadi Song Lyrics - පාළු රැයකදි ගීතයේ පද පෙළ

Palu Rayakadi Song Lyrics - පාළු රැයකදි ගීතයේ පද පෙළ
Song Title : Palu Rayakadi (පාළු රැයකදි)
ගායනය : විජය කුමාරතුංග
පබැඳුම : ප්‍රදීප් තුෂාර බාලසූරිය
තනුව : ජැමෙයිකානු ජන ගීයකිනි. 


පාළු රැයකදි මුහුදු වෙරළේ
තනිව හිඳිනා විට ඔහේ
අහස මුදුනට සඳ ඇවිත් මට
කියයි ඔබ ගැන කොඳුරලා

කඳුකරේ සිටිනා මගේ පෙම්
මිහිරියාවිය සිහිවෙලා
කොළඹ නගරය හනික හැරදා
එන්න හිතෙනව පියඹලා

ඈත අහසේ දිලෙන තරුවේ
ඔබේ දෙනයන ඉඟි කළා
ගතේ දැවටුණ සීත සුළඟට
ඔබේ සුවඳත් එක්වෙලා

ගමේ ඔබ හා උන්නු කාලය
කී කතාවන් සිහිවෙලා
තවම මා මේ තනිව ඉන්නේ
දෑස කඳුළින් බොඳ වෙලා

පාළු රැයකදි මුහුදු වෙරළේ
තනිව හිඳිනා විට ඔහේ
අහස මුදුනට සඳ ඇවිත් මට
කියයි ඔබ ගැන කොඳුරලා

කඳුකරේ සිටිනා මගේ පෙම්
මිහිරියාවිය සිහිවෙලා
කොළඹ නගරය හනික හැරදා
එන්න හිතෙනව පියඹලා

කාසි බාගේ එකතු කර ගෙන
වාසි වූ දා අතමිටේ
ගෙලට මාලද අතට වළලු ද
අරන් එන්නට හිත තියේ

කොවුල් රැව් දෙන 
රබන් හඬ දෙන
මල් පිපී එන බක් මහේ
ඔබ දකින්නට ගමට එනතුරු
ඉවසා ඉඳිමුකො අපි නඟේ

පාළු රැයකදි මුහුදු වෙරළේ
තනිව හිඳිනා විට ඔහේ
අහස මුදුනට සඳ ඇවිත් මට
කියයි ඔබ ගැන කොඳුරලා

කඳුකරේ සිටිනා මගේ පෙම්
මිහිරියාවිය සිහිවෙලා
කොළඹ නගරය හනික හැරදා
එන්න හිතෙනව පියඹලා

මේ නාද මාලාවට Lord Burgess ගේ පද රචනයෙන් "Jamaica Farewell" නම් ගීය බිහිවිය. 1956 දී ප්‍රකට ජැමෙයිකානු ගායක හැරී බෙලාෆොන්ටේ ඔහුගේ "Calypso" තැටියට එය ගායනා කළේය.

හැරී බෙලාෆොන්ටේගේ Jamaica Farewell ගීය

Down the way where the nights are gay
And the sun shines daily on the mountain top
I took a trip on a sailing ship
And when I reached Jamaica I made a stop

But I'm sad to say I'm on my way
Won't be back for many a day
My heart is down, my head is turning around
I had to leave a little girl in Kingston town

Down the market you can hear
Ladies cry out while on their heads they bear
'Akey' rice, salt fish are nice
And the rum is fine any time of year

But I'm sad to say I'm on my way
Won't be back for many a day
My heart is down, my head is turning around
I had to leave a little girl in Kingston town

Sounds of laughter everywhere
And the dancing girls sway to and fro
I must declare my heart is there
Though I've been from Maine to Mexico

But I'm sad to say I'm on my way
Won't be back for many a day
My heart is down, my head is turning around
I had to leave a little girl in Kingston town

Down the way where the nights are gay
And the sun shines daily on the mountain top
I took a trip on a sailing ship
And when I reached Jamaica I made a stop

But I'm sad to say I'm on my way
Won't be back for many a day
My heart is down, my head is turning around
I had to leave a little girl in Kingston town

Sad to say I'm on my way
Won't be back for many a day
My heart is down, my head is turning around
I had to leave a little girl in Kingston town

Singer : Harry Belafonte
lyricist : Lord Burgess
Melody : Jamaican Folk Song
1956

බෙලාෆොන්ටේ 1987 දී කළ ගායනයක්.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Palu Rayakadi Song Lyrics - පාළු රැයකදි ගීතයේ පද පෙළ Palu Rayakadi Song Lyrics - පාළු රැයකදි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 20, 2021 Rating: 5

0 comments:

Post a Comment