Aegeya Oba Dan Song Lyrics - ඇගේය ඔබ දැන් ගීතයේ පද පෙළ

Aegeya Oba Dan Song Lyrics - ඇගේය ඔබ දැන් ගීතයේ පද පෙළ
Song Title : Aegeya Oba Dan (ඇගේය ඔබ දැන්)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : සුනිල් ආරියරත්න


ඇගේය ඔබ දැන් ඇගේය සිරුරින් ඇගේය..
මගේය එනමුත් මගේය හදවත මගේය
අගේය ඔබ මට අගේය කඳුලැලි නැගේය
මගේය ඔබ නම් මගේය සැමදා මගේය...

ඔබ මට ජල ධාරාවක් වගේය..
සීතල ජල ධාරාවක් වගේය..
ඒ ජල ධාරාවම දැන් ඇගේය..
එනමුත් ජලයේ සිසිලස මගේය..
ජලයේ සිසිලස මගේය...

ඇගේය ඔබ දැන් ඇගේය සිරුරින් ඇගේය..
මගේය එනමුත් මගේය හදවත මගේය
අගේය ඔබ මට අගේය කඳුලැලි නැගේය
මගේය ඔබ නම් මගේය සැමදා මගේය...

ඔබ මට මිණි වීණාවක් වගේය..
ඔබ නද මිණි වීණාවක් වගේය..
ඒ මිණි වීණාවම දැන් ඇගේය..
එනමුත් වීණා නාදය මගේය...
වීණා නාදය මගේය..

ඇගේය ඔබ දැන් ඇගේය සිරුරින් ඇගේය..
මගේය එනමුත් මගේය හදවත මගේය
අගේය ඔබ මට අගේය කඳුලැලි නැගේය
මගේය ඔබ නම් මගේය සැමදා මගේය...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aegeya Oba Dan Song Lyrics - ඇගේය ඔබ දැන් ගීතයේ පද පෙළ Aegeya Oba Dan Song Lyrics - ඇගේය ඔබ දැන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 30, 2021 Rating: 5

0 comments:

Post a Comment