Sinhala Sindu Kiyana Song Lyrics - සිංහල සිංදු කියන ගීතයේ පද පෙළ

Sinhala Sindu Kiyana Song Lyrics - සිංහල සිංදු කියන ගීතයේ පද පෙළ
Song Title : Sinhala Sindu Kiyana (සිංහල සිංදු කියන)
ගායනය : ගුණදාස කපුගේ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : ගුණදාස කපුගේ


සිංහල සිංදු කියන
නළලේ තිලක තියන කිරිල්ලී...
තුඩින් හදවතක් අරගෙන
ගිණිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී...

දිව නුහුරු බසින් පෙම් කවි කී
කුරුල්ලාට වශීවී..
ගිනි මලින් තැනූ මල් පොකුරක්
අතට ගත්ත මනාලී..
මධුසමේ මධුර කටු අතරේ
පිපී වැනුන සුරූපී...

සිංහල සිංදු කියන
නළලේ තිලක තියන කිරිල්ලී...
තුඩින් හදවතක් අරගෙන
ගිණිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී...//

ගිනි අවිත් එක්ක පෙමින් බැදුනු
විහඟ සෙනග අඩාවී..
ඒ කදුළු සිංහලට නගන්න
නුඹට හැකිය ප්‍රියාවී..
ආදරය නුඹට බාරයි
රැකගනින් දේවතාවී..

සිංහල සිංදු කියන
නළලේ තිලක තියන කිරිල්ලී...
තුඩින් හදවතක් අරගෙන
ගිණිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sinhala Sindu Kiyana Song Lyrics - සිංහල සිංදු කියන ගීතයේ පද පෙළ Sinhala Sindu Kiyana Song Lyrics - සිංහල සිංදු කියන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 12, 2021 Rating: 5

0 comments:

Post a Comment