මහ මුහුදේ මායාකාරියන්,දියකිදුරියෝ (Sea Witches)

මහ මුහුදේ මායාකාරියන්,දියකිදුරියෝ (Sea Witches) - Your Choice Way
“දිය කිදුරියෝ“, මේ නම ඇහෙනකොටම අපේ හිත්වල මැවෙන්නේ අඩක් මත්සයෙක් වූත් අඩක් ඉතාමත් ලස්සන අහිංසක කාන්තාවකගේ රූපයක්.මොනවා වුනත් පුරාවෘත වලට අනුව දිය කිදුරියෝකියන්නේ ශාප ලත් පිරිසක්.ඒවගේම ඒ අය කියන තරම්ම අහිංසක අයත් නෙමෙයි.එක එක රටවල් වල,විවිධ විවිධ ආගම් වල අය දියකිදුරියන් ගැන එක එක විධිහේ කතා ගොඩක් තියෙනවා.මොන විධිහේ කතා කිව්වත් දිය කිදුරියන් කියලා කියන සත්ව විශේෂය අදටත් මනහ්කල්පිත සත්වයින්ගේ කොට්ඨාශයට තමයි අයිති වෙන්නේ.කිහිප වතාවක්ම මේ සත්වයින් ගැන විවිධ ප්රදේශ වලින් වාර්ථා වුනත් පිලිගන්න තරම් සාක්ෂි මදි කියලා තමයි විද්‍යාඥයින් නම් කියන්නේ.

“දියකිදුරියන් විවාහ කර ගැනීම අකාලයේ මරණය ලගා කරගැනීමකි“.මේ චීනයේ ඈත අතීතයෙ ඉදන් භාවිතා වන ප්රස්ථා පිරුළක්.මේ ප්රස්ථා පිරුළ පිටිපස්සේ කථාවක් තියෙනවා.ඔවුන් කියන විදිහට දියකිදුරියන් කියන්නේ සිත් වශීකරගන්නා තරම් රූසපුවකින් හෙබි කාන්තාවකගේ උඩුකයක් ඇති සත්ව විශේශයක්.ඒ කාලේ චීන ධීවරයින් විසින් වශී ගුරුකම් මගින් මේ දියකිදුරියන්ව වශී කරගෙන විවාහ කරගෙන තියෙනවා.නමුත් ඔවුන් දැනගෙන ඉදලා නෑ ඒ නිසා ඔවුන් කිදුරු ශාපයට ලක් වු බව.මේ විදිහට කිදුරියන් විවාහ කර ගත් ධීවරයින් වැඩි කල් යන්න කලින්ම කිදුරු ශාපහට ලක් වෙලා අකාලයේම මැරිලා ගිහින්.ඒ නිසාලු දියකිදුරියන් විවාහ කර ගැනීම අකාලයේ මරණය ලගා කරගැනීමක් කියලා ඔවුන් විශ්වස කරන්නේ.මෙහෙම තමයි චීන ජනතාව දිය කිදුරියන් ගැන විශ්වාස කරන්නේ.මොනවා වුනත් අදටත් චීන ධීවරයින් මුහුදු යන්න කලින් කිදුරු පහන කියලා පහනක් පත්තු කරනවලු.ඒ ඔවුන්ට යම් හෙයකින් මුහුදේදී කිදුරියක් හමු වුවහොත් ඔවුන් කෙරෙහි තම සිතෙහි ආදරයක් ඇති නොවේවා යනුවෙන් දෙවියන්ගෙන් ඉල්ලා සිටීමටය.

ජෛන ආගමේත් දියකිදුරියන් ගැන කියවෙනවා. දේව ආශිර්වාදය හා මිනිසෙකුගේ පින් මහිමයෙන් දියකිදුරියක වී ඉපදුන ලද ජෛන කාන්තාවක් ඉතා ලස්සන කතා පුවතක් “කිදුරු වැනුම“ නමින් ජෛන සාහිත්‍යෙය් කියවෙනවා.

නමුත් ඈත අතිතයේ පටන්ම යුරෝපීය නාවිකයින්ගේ සිත් තුල දියකිදුරියන් ගැන ඇත්තේ වෙනස්ම ආකාරයේ සිතිවිල්ලක්.ඔවුන් දියකිදුරියන් ලෙස හදුන්වන්නේද පෙර කී ආකාරයේම භාහිර ස්වභාවයක් ඇති සත්ව කොට්ඨාශයකටයි.නමුත් ඔවුන් විශ්වාස කරන්නේ දියකිදුරියන් එක්තරා ආකාරයේ මායා කාරියන් පිරිසක් ලෙසටය. දියකිදුරියන් නාවිකයින්ව වශී කරගෙන ඔවුන්ව තමන් පසු පස මුහුද තුලටම ගෙන්වා පසුව ඔවුන්ව ආහාරයට ගන්නා බව ඔවුන්ගේ මතයයි.

ඉහත සදහන් කරන ලද කරුණු සියල්ලම එකට ගත් කල එක කාරණයක් පොදු වේ.ඒ දියකිදුරියන් යනු මිනිසුන් වශී වන තරම් රූපකායක් ඇති සත්ව කොට්ටාශයක් යන්නයි.එය තව තවත් ඔප්පු කරනා සිදුවීමක් 1952දී සිදු විය.ඒ ඇමරිකානු නාවික කපිතාන් වරයෙකු වූ ලුතිනන් ජෙනරල් පිට්සන්ගේ දින පොතේ සදහන් කර තිබූ සිදුවීමයි.එහි සදහන්ව තිබුනේ ඔහු විසින් මහ මුහුද මැදදි අහඹු ලෙස දකිනා ලද දියකිදුරියක් ගැනය.ඔහු සදහන් කර තිබූ ආකාරයට ඔහු දුටු දිය කිදුරියට සිත් වසග කරනා රූපයක් ඇති බවය.තවද මුහුදු වෙරලවල් වලට දියකිදුරියන්ගේ යැයි සැක කල හැකි මල සිරුරු ගොඩ ගැසීම් කිහිපයක්ම වාර්ථා වුවත් විද්‍යාඥයන් තවමත් මේ සතුන්ව තබා ඇත්තේ මනහ්කල්පිත සත්ව කොට්ටාශයේය.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මහ මුහුදේ මායාකාරියන්,දියකිදුරියෝ (Sea Witches) මහ මුහුදේ මායාකාරියන්,දියකිදුරියෝ (Sea Witches) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 08, 2021 Rating: 5

0 comments:

Post a Comment