Sanda Dinum Song Lyrics - සඳ දිනුම් ගීතයේ පද පෙළ

Sanda Dinum Song Lyrics - සඳ දිනුම් ගීතයේ පද පෙළ
Song Title : Sanda Dinum (සඳ දිනුම්)
Lyrics : දිනිති දීපිකා


කිවිසුමක් ගිය විටදි තරුවට
ලොකු කරන් ඇස් දෙකම සඳ
බලන විට අද තද කළුවරට
කොනිත්නවා සුළග හරියට.....

තලා අත්පුඩි තුරුලිය එකට
ජයගොස නගයි සතුටින් ඉපිල

විරිත්තාගෙන තරු පොකුරු
ඇඹරෙනවා අර ගඟනත මැදක

සිහිසුන්ව වැටීලා අද පොලවට
එල්ලිලා උන් වවුල් රෑනම දැන්
ඉස්සිලා අඩියක් දෙකෙක් හෙමිහිට
බලනවා වලාකුළු මග හොදට.....

සිල් ගත්ත වැලි කැට බිමක
මෙත් වඩයි තව නෙත් වසන්
ඉසින විට පිනි බිදු දෙක තුනක්
රව රවා අඹරට බලයි ඒ නෙත්.....

කනා මැදිරියො එක මැදට වී
කතා කරනවා අර සියළු විස්තර
වැඩට ගොස් උන් බකමුණො
ඇවිල්ලා අද ලහි ලහියෙ ආපසු....

එකම හුස්මට දුවගෙනම ඇවිත්
දුර පැනපු සඳ ජය අරන් අද
මිනිස් කැල බිම සිටන් දැන්
වඳිනවා අර සාදු කියමින්.....................

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Dinum Song Lyrics - සඳ දිනුම් ගීතයේ පද පෙළ Sanda Dinum Song Lyrics - සඳ දිනුම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 03, 2021 Rating: 5

0 comments:

Post a Comment