Bambara Wage Wisekaraya Song Lyrics - බඹර වගේ විසේකාරයා ගීතයේ පද පෙළ

Bambara Wage Wisekaraya Song Lyrics - බඹර වගේ විසේකාරයා ගීතයේ පද පෙළ
Song Title : Bambara Wage Wisekaraya (බඹර වගේ විසේකාරයා)
Singing : Sangeeth Wijesuriya (සංගීත් විජේසූරිය මහත්මා)


බඹර වගේ විසේකාරයා
මම දෙබර වගේ ගණංකාරයා
සමනළය වාගේ මම හැඩකාරයා
මී මැස්ස වගේ හරි වැඩකාරයා //

කෝකිලයා සින්දු කියනවා වගේ
රස වෑහෙන සින්දු කියනවා
මොණර රජා රඟදෙන විධියට අගේ
කොතනත් මම රඟදක්වනවා
මම කපුට වගේ කපටිකමට නෑ හුරුවන්නේ
කිරි කොකා වගේ හැම තැනදිම කැපිල පෙණෙන්නේ

බඹර වගේ විසේකාරයා
මම දෙබර වගේ ගණංකාරයා
සමනළය වාගේ මම හැඩකාරයා
මී මැස්ස වගේ හරි වැඩකාරයා

සැළලිහිණිය වගෙ නිහඬව ඉන්නවා
නියම තැනදි කතා කරනවා
උකුස්ස වගේ දුර තියාම දකිනවා
අනතුරකදි මට තේරෙණවා
නැහැ ගිරව වගේ නිතරම මම කතා කරන්නේ
පොර කුකුළ වගේ කොතන ගියත් දිනලයි එන්නේ

බඹර වගේ විසේකාරයා
මම දෙබර වගේ ගණංකාරයා
සමනළය වාගේ මම හැඩකාරයා
මී මැස්ස වගේ හරි වැඩකාරයා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bambara Wage Wisekaraya Song Lyrics - බඹර වගේ විසේකාරයා ගීතයේ පද පෙළ Bambara Wage Wisekaraya Song Lyrics - බඹර වගේ විසේකාරයා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 03, 2021 Rating: 5

0 comments:

Post a Comment