මරා දැමුණු නාගයා පරම්පරාවෙන්ම පළිගන්න ඇවිත් (Nagaya)

මරා දැමුණු නාගයා පරම්පරාවෙන්ම පළිගන්න ඇවිත් (Nagaya) - Your Choice Way
වයඹ ප්‍රදේශයේ රජයේ නිලධාරියෙක් දිනක් වැඩ අවසන්ව නිවෙසට එමින් සිටියා. ඔහුගේ ගේ ආසන්නයේ තවත් නිවෙසක පිරිසත් වත්තකට ඇතුළු වූ විශාල ප්‍රමාණයේ නයෙකුට බියවී මරාදමන්නට උත්සාහ කරමින් සිටිනු ඔහු දුටුවා. නිවෙසට යෑම පසෙක ලා ඔහු ඒ නිවෙසට ඇතුළු වුණා. යකඩ පොල්ලකින් නයා තදකර නයාට පහරදී උෟ මරා දැම්මා. එහෙම කරල ඔහු තමන්ගේ නිවෙසට යන්න ගියා. ඔහුට පාසල් වයසේ 16 හැවිරිදි පිරිමි ළමයෙක් හිටියා. මේ සිද්ධියට මාස දෙකක් විතර යද්දි ඒ ළමයා හදිසියේ එකවරම සිහි නැතිවී බෙල්ල කඩා හැලුණා. පසුව ඒ පියා මේ ළමයාට හදිසි අසනීපයක් කියා සිතා වෛද්‍යවරුන් ගණනාවක් ළඟට කැඳවාගෙන ගියා.

ඒ ළමයා අමුතු භාෂාවකින් කතා කරන්න පටන් ගත්තා. ළමයා රැගෙන යන සෑම වෛද්‍යවරයෙක්ම කීවෙ ඔහුට කිසිම අසනීපයක් නැති බව. වෛද්‍ය වාර්තා එක්ස්කිරණ වාර්තාවලිනුත් ඒ බව සනාථ වුණා. දරුවා වෙනුවෙන් ඒ පියා නොවිඳිනා දුක් වින්දා. දරුවා රැගෙන සෑම විශේෂඥ වෛද්‍යවරයෙක් ළඟටම ගියා. අන්තිමේ ඒ පියා ඒ පළාතට නුදුරු ප්‍රදේශයක ඉන්න ගුරුන්නාන්සේ කෙනෙක් ළඟට ගියා. එහෙදී එයා කීවා කොහෙවත් අරන් යන්න එපා, මේ ළමයා මහාභද්‍රකාලි කෝවිලේ මහේන්ද්‍ර සාමි ළඟට අරන් යන්න කියල. එහෙම කීවාට පසු ඒ පියා ළමයා රැගෙන මා ළඟට ආවා. මේ වන විට මේ ළමයට පිස්සු, මානසික රෝගියෙක් කියල විරුද්ධවාදී බලවේග මේ අයට විරුද්ධව නැඟී සිටියා. එක පැත්තකින් ළමයාගෙ ප්‍රශ්නය, අනිත් පැත්තෙන් විරුද්ධවාදී බලවේගවල ප්‍රහාර. පියාගේ ආත්මධෛර්යය හීන වූයේ නැහැ. ඔහු දරුවා රැගෙන ගියේ භද්‍රකාලි කෝවිලේ මහේන්ද්‍ර සාමි ළඟට. එතැන් සිට මහේන්ද්‍රසාමි කළ කී දෑ ගැන සාමි අප සමඟ මෙසේ කීවා.

ඒ ළමයා මාළඟට අරන් ආව වෙලාවෙ මම එයා කාලි මෑණියන් ළඟට ගෙන ගියා විතරයි, එයාගෙ මුහුණුවර නයි වේශයක් වගේ වෙනස්වී පිඹිමින් ඇඟට ආරූඪයක් ඇවිත් හිස කෙළින් කර හඬ අවදි කළා. මම ආවේශ වූ ඒ ළමයගෙන් ප්‍රශ්න කළා. ඇත්ත වශයෙන්ම මම ප්‍රශ්න කළේ ළමයගෙන් නොවේ, එයාට වැහිල ඉන්න අදෘශ්‍යමාන කෙනාගෙන්. එයා දිෂ්ටියෙන් කීවේ පියා නයා මරාදැමීම නිසා තනි වූ හැපින්න වෙනුවෙන් ළමයට වැහී පරම්පරාවෙන්ම පළිගන්න ආ බව. මම ඒ අදෘශ්‍යමාන බලවේගයට කීවේ නුඹ නයා වුණත් නුඹ මැරුවෙ දෙවියන් මිස මොහුගේ තාත්ත නොවන බව. පියා නුඹ මැරීමට යොදාගත්තේ දුන්නක් විතරක් බව කියමින් ඔහුට තර්ජනය කරමින් ඒ ළමයාගෙන් ඉවත්ව යන ලෙස බලකර සිටියා. ඒ වෙලාවේ ඒ දරුවාට ආරූඪ වී සිටින නයා කීවෙ තමන් වෙනුවෙන් කාලි මෑණියන්ගේ අවතාරයක් වන රාජ රාජේශ්වරී අම්මාන් දේවාලයක් හදල පූජාවල් තිබ්බට පස්සෙ ඉවත් වනවා කියල.

ඒ අනුව මහාභද්‍රකාලි මෑණියන්ගේ ආශීර්වාදය, බලය ලබාගෙන ඒ පියාගෙ ඉඩමෙ පුංචි දේවාලයක් හදල පුද පූජා ආරම්භ කළා. මම ඒ අයට ඒ අය පදිංචි ප්‍රදේශයේ හදපු භද්‍රකාලි අම්මාගේ අනුහස් ආශීර්වාදය බැල්ම ඇති ඒ දෙවොලට ආශීර්වාද කරමින් පුදපූජා පැවැත්විය යුතු විධි ගැන කියා දුන්නා. අර දරුවා දැන් මහා භද්‍රකාලි මෑණියන්ගේ දරුවෙක්. ඒ දෙවොල හැදුවායින් පසු නාග දිෂ්ටියෙන් එල්ලවුණ කරදර තුරන් වුණා. මේ ප්‍රශ්නය ආව වෙලාවෙ ඒ අයට හිරිහැර කළ සමහරුන්ට කරදර සිදුවුණා. සමහර අයට සුව කළ නොහැකි තරමේ අසනීප හැදුණා. සමහර අය මේ අයගෙ පිහිට පතා පැමිණියා. කාලි මෑණියන්ගෙ බැල්ම තියෙන තැනට විරුද්ධ වන පුද්ගලයන්ට අනිවාර්යයෙන්ම දඬුවම් ලැබෙන බව සත්‍යයක්. ඒක සනාථ කරන මෙය තවත් එක සිද්ධියක් පමණයි. මම සෑම විටම කියන්නෙ කාලි මෑණියන් යක්‍ෂණියක් නොවෙයි.

ඇය දේවමාතා ලොව පාලනය කරන යක්‍ෂ සේනාවන්ට අණදෙන මෑණි කෙනෙක්. කාලි දේවි යන්නෙහි තේරුම කාලය (වේලාව). කළු පැහැයෙන් යුක්ත නිසාද කාලි නම භාවිත කරනවා. දේවමාතා ලොවෙහි පාලනය සිදු කෙරෙන ප්‍රධාන ශක්ති දහය දස විද්‍යා නමින් හඳුන්වනවා. එම දස විද්‍යාවට අයත් වන්නේ කාලි දේවි, ගෝඩශී දේවි, හැවනේශ්වරී දේවි, භෛරව දේවි, ජීන්තමස්නාදේවි ධූමවතී දේවි, මාතනන්ගි දේවි, කමලා දේවි, බග්ල මූඛී දේවි. මෙම දස ශක්තිවලින් ප්‍රධාන හා බලවත් ශක්ති බලය කාලි දේවී ශක්තිය. ලොවෙහි උපදින සියලු ශාක සහ සත්ත්වයන්ගේ උත්පත්තිය හා මරණය යන අවස්ථාද එම අවස්ථා අතර සිදුවන සියලුම සිදුවීම්ද පාලනය කරන්නේ කාලි දේවී ශක්තියෙන්.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මරා දැමුණු නාගයා පරම්පරාවෙන්ම පළිගන්න ඇවිත් (Nagaya) මරා දැමුණු නාගයා පරම්පරාවෙන්ම පළිගන්න ඇවිත් (Nagaya) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 16, 2021 Rating: 5

0 comments:

Post a Comment