විශ්මිත සුවදෙන මුරුංගා (Murunga)

විශ්මිත සුවදෙන මුරුංගා (Murunga) - Your Choice Way
✅ මුරුංගා එළවළු අතරින් විශිෂ්ටතම එළවළුව වශයෙන් හැඳින්විය හැකිය. මන්ද මුරුංගා එපමණට ම පෝෂ්‍යදායි ආහාරයක් වන නිසාය. කිසිම කෘෂි රසායනිකයක් එකතු නොකර, ස්වාභාවිකව වැවෙන මුරුංගා ගසේ කරල් පමණක් නොව මල්, පත්‍ර පවා ආහාරයට ගනු ලබන අතර ඒ සියල්ලම අතිශයින් ගුණදායක බව තහවුරු වී ඇත.

🍀 මුරුංගාවල ඇමයිනෝ අම්ල සියල්ලම පාහේ අඩංගුය. මුරුංගා කරල්වල අඩංගු ඇමයිනෝ අම්ලය 20% - 30% අතර ප්‍රමාණයකි. මුරුංගාවල අඩංගු ෆ්ලේවොනොයිඩ්ස් (Flavonoids), ෆෙනාලික් අම්ලය (Phenolic Acids), ඔමෙගා අම්ලය (Omega Acid) වැනි සංඝටක රාශියක් අඩංගුය.

🍀 එබැවින් මුරුංගාවල ප්‍රතිඔක්සිකාරක ගුණය ඉතා ඉහළය. අනෙක් වැදගත් කාරණය  වනුයේ ශරීරයේ ඇති ප්‍රතිඔක්සිකාරක  එන්සයිම වන සුපර්ඔක්සයිඩ් ඩිස්මියුටේස් (Superoxide Dismutese) ග්ලුටතයෝන් පෙරොක්සිඩේස් (Glutathione Peroxydase) ග්ලුටතයෝන් රිඩක්ටේස් (Glutathione Reductase) සහ කැටලෙස් (Catalase) සක්‍රිය කිරීමේ හැකියාව මුරුංගා සතු වීමයි. මේ නිසා මුරුංගාවල ප්‍රතිඔක්සිකාරක ගුණ වැඩි වේ.

⭕ මුරුංගාවල ඇති ගුණ
🍀 පිළිකා නාශක ගුණ ඉතා ඉහළ ය. විශේෂයෙන් මුරුංගා මොළයට විසරණය වන නිසා මොළයේ පිළිකා මර්දනයට හැකියාව ඇත.
🍀 බැක්ටීරියා නාශක, දිලීර නාශක සහ වෛරස් මර්දන හැකියාව ඇත.
🍀 හෘදය වස්තුව ආරක්ෂා කරයි.
🍀 කොලෙස්ටරෝල් පාලනය කරයි.
🍀 උණ අඩු කරයි.
🍀 තුවාල සනීප කරයි.
🍀 වලිප්පුව වළක්වයි.
🍀 අග්න්‍යාශයේ ඉන්සියුලින් ශ්‍රාවය උත්තේජනය කිරීමෙන් දියවැඩියාව පාලනය කරයි.
🍀 මව්කිරි ස්‍රාවය වර්ධනය කිරීමේ හැකියාවක් ඇත.

✅ විටමින් A මුරුංගාවල බහුලව අඩංගු බැවින් ඇස්, සම, හිසකෙස් සහ ශරීරයේ අපිච්ඡද පටක, ස්‍රාවීය ග්‍රන්ථි, නිර්නාල ග්‍රන්ථි නිරෝගීව තබා ගැනීමට උපකාරි වේ.

✅ මුරුංගා කොළවල පෝෂණ සාන්ද්‍රණය ඉතා වැඩිය.
🍀 මුරුංගා කොළවලට ශරීරයේ විෂ ඉවත් කිරීමේ හැකියාව ඇත.
🍀 ඇදුම සහ සෙම වැළැක්වීමේ විශේෂ හැකියාව පවතී.
🍀 මුරුංගා කොළ තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝගවලට මනා ඖෂධයකි.

✅ මුරුංගාවල අඩංගු කැල්සියම් ප්‍රමාණය ඉතා ඉහළ බැවින් අස්ථි වර්ධනය කිරීමේ හැකියාව ඇත.

✅ මුරුංගාවල අඩංගු යකඩ ප්‍රමාණය ඉතා ඉහළ බැවින් රුධිරයේ හිමොග්ලොබින් වර්ධනය කරයි.

✅ මුරුංගා ඇටවල ටෝකොෆෙරෝල් වර්ග 3 ක්, එනම් විටමින් E ප්‍රමාණය අධිකව සංයෝග වී ඇති බැවින් විටමින් E වලින් ලැබෙන ගුණ ඉහළින් ම ලැබෙනු ඇත.

✅ මුරුංගා ඇට මඟින් අක්මාවේ ෆයිබ්රෝසිස් තත්වය වළක්වයි.

✅ මුරුංගාවල ඇති ඩයියුරසිස් ගුණය නිසා වකුගඩු ආරක්ෂා වේ.

✅ මුරුංගා පොතුවල ඇස් සුව කිරීමේ සහ ස්නායු දුර්වලතා වැළැක්වීමේ ගුණ ඇත.

⭕ මුරුංගා කරල් 
ග්‍රෑම් 100ක පෝෂණය
◾කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 3.7
◾ප්‍රෝටීන් ග්‍රෑම් 2.5
◾විටමින් A මයික්‍රොග්‍රෑම් 1100
◾විටමින් B1, මිලිග්‍රෑම් 0.05, B2 මිලිග්‍රෑම් 0.06, B3 - 0.2
◾විටමින් C මිලිග්‍රෑම් 120
◾කැල්සියම් මිලිග්‍රෑම් 30
◾මැග්නීසියම් මිලිග්‍රෑම් 24
◾පොටෑසියම් මිලිග්‍රෑම් 259
◾යකඩ මිලිග්‍රෑම් 5.3
◾මුරුංගා අමු පත්‍ර
◾ග්‍රෑම් 100ක පෝෂණය
◾කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 13
◾ප්‍රෝටීන් ග්‍රෑම් 6.7
◾විටමින් A මයික්‍රොග්‍රෑම් 6800
◾විටමින් C මිලිග්‍රෑම් 220
◾විටමින් B 1 මිලිග්‍රෑම් 0.06, විටමින් B2 මිලි
◾ග්‍රෑම් 0.05, විටමින් B3 මිලිග්‍රෑම් 0.8
◾කැල්සිම් මිලිග්‍රෑම් 440
◾මැග්නීසියම් මිලිග්‍රෑම් 24
◾පොටෑසියම් මිලිග්‍රෑම් 259
◾යකඩ මිලිග්‍රෑම් 7
◾විටමින් E මිලිග්‍රෑම් 448
◾මුරුංගා වියළි පත්‍ර පවුඩර්
◾ග්‍රෑම් 100ක පෝෂණය
◾කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 38
◾විටමින් C මිලිග්‍රෑම් 17.3
◾ප්‍රෝටීන් ග්‍රෑම් 27
◾කැල්සියම් මිලිග්‍රෑම් 2003
◾විටමින් A මයි‍ක්‍රොග්‍රෑම් 16,000
◾මැග්නීසියම් මිලිග්‍රෑම් 368
◾විටමින් B1 මිලිග්‍රෑම් 2.6, B2 මිලිග්‍රෑම් 20, B3 මිලිග්‍රෑම් 8.2
◾පොටෑසියම් මිලිග්‍රෑම් 1324
◾යකඩ මිලිග්‍රෑම් 28
◾විටමින් E මිලිග්‍රෑම් 113

✅ මුරුංගාවල අඩංගු විටමින් C ප්‍රමාණය දොඩම්වල මෙන් 4 - 5 ගුණයකි. මුරුංගා කොළවල අඩංගු කැල්සියම් ප්‍රමාණය කිරිවල මෙන් 4 ගුණකි. මුරුංගාවල අඩංගු පොටෑසියම් ප්‍රමාණය කෙසෙල්වල මෙන් 3 ගුණයකි. යකඩ ප්‍රමාණය නිවිතිවල මෙන් 2 - 3 ගුණයකට වඩා ඉහළය.

✅ මේ අනුව මුරුංග‍ා පෝෂණ ගුණ රාශියකින් සමන්විත ඖෂධීය වටිනාකමකින් යුතු එළවළුවක් ලෙස නම් කළ හැකිය. මුරුංගා කරල් මෙන්ම පත්‍ර ද ආහාරයට ගැනීමෙන් මෙකී ගුණ නොඅඩුව ලබාගත හැකිය. සාමාන්‍යයෙන් ඉස්සන් කකුළුවන් පිස ගැනීමේදී මුරුංගා කොළ ඊට එක් කිරීම ගෘහණියන්ගේ සිරිතකි.

✅ ඊට හේතුව, ආහාරවල විෂ ඉවත් කිරීමේ හැකියාව මුරුංගා කොළ සතු වීමයි. මුරුංගා කොළ, කරල් පමණක් නොව ගසේ පොතු ද ඖෂධීය ගුණයෙන් ඉහළය. ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සඳහා මුරුංගා පොතු යොදා ගන්නේ එබැවිනි. මුරුංගා පත්‍ර වියළවා කුඩු කර පාවිච්චියට ගැනීම අපේ රටේ දක්නට නොලැබුණ ද ඉන්දියාවේ මුරුංගා කොළ පිටි කර පාවිච්චියට ගනු ලැබේ.

✅ ආහාරවල සියලුම ගුණ මෙන් ම ඖෂධීය ගුණ අඩංගු මුරුංගා කොළ සොබා දහමේ අපූරුතම නිර්මාණයක් ලෙස හැඳින්වීම වරදක් නොවේ.

විශ්මිත හෙළ ඔසු
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
විශ්මිත සුවදෙන මුරුංගා (Murunga) විශ්මිත සුවදෙන මුරුංගා (Murunga) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 27, 2021 Rating: 5

0 comments:

Post a Comment