Master Sir (Panam Aten) Song Lyrics - මාස්ටර් සර් (පණම් අටෙන්) ගීතයේ පද පෙළ

Master Sir (Panam Aten) Song Lyrics - මාස්ටර් සර් (පණම් අටෙන්) ගීතයේ පද පෙළ
Song Title : Master Sir (Panam Aten) (මාස්ටර් සර් (පණම් අටෙන්))
ගායනය : නීලා වික්‍රමසිංහ
පද : කරුණාරත්න අබේසේකර
තනුව : නිමල් මෙන්ඩිස්
1975 දී තිරගතවූ කළු දිය දහර චිත්‍රපටියේ ගීයකි.


පණම් අටෙන් මට වැඩි කර දුන්න
හැකි වුණත් බත් මිටක් දරුවට කවන්න
මාස්ටර් සර් මගෙ හිමි තැන දෙනවාදෝ
අනේ සර් අනුකම්පා නොසිතේදෝ

අප අතරේ කඹ ඇදිල්ලේ තරඟෙ නේ
නිම වෙන්නට කල් ගතවෙයිදෝ
අනේ සර් අපි මිතුරන් වෙයිදෝ
එදා දවස උදා වෙවිදෝ

මට මතක් වෙනව සුද්දා තැළූ පෙළූ හැටී
අපි කතා කළේ පණ ගැහි ගැහි දණින් වැටී
මාස්ටර් සර් මගෙ හිමි තැන මට දෙන්න
අනේ සර් කරුණාවෙන් සලකන්න

අප අතරේ කඹ ඇදිල්ලේ තරඟෙ නේ
නිම වෙන්නට කල් ගතවෙයිදෝ
අනේ සර් අපි මිතුරන් වෙයිදෝ
එදා දවස උදා වෙවිදෝ
එදා දවස උදා වෙවිදෝ
එදා දවස උදා වෙවිදෝ

මෙම ගීය ම නෙවිල් ප්‍රනාන්දු විසින් ගයන අවස්ථාවක් ද  චිත්‍රපටියේ ඇතුළත්ය.

මේ ගීය චිත්‍රපටි නිෂ්පාදනයට ටික කලකට ඉහතදී නිමල් මෙණ්ඩිස් විසින් ලියන ලද ගීයකි. නිමල් මෙණ්ඩිස් එය රචනා කර තිබුණේ ඉංග්‍රීසි භාෂාවෙනි. සිංහල ගීය රචනා කළේ කරුණාරත්න අබේසේකරයන්ය.

ඒ සියලු ගී මෙසේ පෙළ ගසමි.
1. නීලා වික්‍රමසිංහ ගයන ගීය (චිත්‍රපටියේ මුල් ගීය නොවේ)
2. නෙවිල් ප්‍රනාන්දු චිත්‍රපටියේ ගැයූ ගීය
3. නිමල් මෙණ්ඩිස් විසින් ඉංග්‍රීසි බසින් ලියා ගැයූ ගීය

ඉංග්‍රීසි ගීයේ පද

There's a long long way for us to go
Before this tug of war and never end
When that day will be I don't know
Master Sir when can I call you friend

The ten Cents more you have promised to pay me
Will buy my child an extra bowl of rice
But Master Sir I have my Dignity
Master Sir treat me kind and nice

There's a long long way for us to go
Before this tug of war and never end
When that day will be I don't know
Master Sir when can I call you friend

Once again a servant came and told me
That's soon one day my life will reach it's fine
But Master Sir I have my Dignity
I ask you now to hang me no more lies

There's a long long way for us to go
Before this tug of war and never end
When that day will be I don't know
Master Sir when can I call you friend

Master Sir when can I call you friend

මේ ගීයේ අතීත කතාව මෙසේයි.

නිමල් මෙණ්ඩිස් ටික කාලයක් එංගලන්තයේ හිටියෙ. ඔහු අත මිට හොයා ගත්තෙ සමාජ ශාලාවක පියානෝ වාදනය කරල. රෑ අන්තිම බස් එකේ නවාතැනට යන්න පුරුදු වෙලා සිටි ඔහුට එක් දිනක් බස් එක මඟ හැරුණා.

පයින්ම නවාතැනට එන අතරතුර ඔහුට සිදුවුණා අනපේක්ෂිත සිදුවීකට මුහුණ දෙන්න. එංගලන්තයේ එවකට වර්ණ භේද වාදය තදින් තිබුණා. නිමල් ගෙ කළු හමයි ඔහුට එදා අවාසනාව ගෙනාවෙ. ඔහු කල්ලියක පහර දීම් වලට ලක්වුණා. මේ සිදුවීම ඔහු තුළ දැඩි කම්පනයක් ඇති කළා. ඔහු එංගලන්තය දාලා ආයෙම ලංකාවට ආවා.

ඒ ඇවිත් නෝටන්බ්‍රිජ් ආශ්‍රිතව වත්තක් මිලට ගෙන ඒ වත්ත කරගෙන හිටියා. වත්තෙ කම්කරුවන්ගෙ ජීවිත ඔහුගෙ හැඟීම් සලිත කළා. අර පෙරදා එංගලන්තයේ ඔහු අත්දුටු වර්ණ භේදවාදය තුළ පීඩිත ජනයා වින්ද කම්කටොලු ඔහුගෙ මතකයේ නිතර හොල්මන් කළා.

මේ සියල්ලෙහි ඵලයක් ලෙස තමයි ඔහු වෙතින් ප්‍රස්තුථ ගීය ලියැවෙන්නෙ.

පස්සෙ කාලෙක මණික් සන්දරසාගර "කළු දිය දහර" චිත්‍රපටියට නිමල් සංගීත අධ්‍යක්ෂක ලෙස තෝරා ගන්නවා. ඔහු ලියා ගයා තිබූ "මාස්ටර් සර්" ගීය කරුණාරත්න අබේසේකරයන් ලවා සිංහලෙන් රචනා කරගෙන "පණම් අටෙන්" යන ගීය සිනමා කෘතියට ඇතුළත් කර ගන්නවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Master Sir (Panam Aten) Song Lyrics - මාස්ටර් සර් (පණම් අටෙන්) ගීතයේ පද පෙළ Master Sir (Panam Aten) Song Lyrics - මාස්ටර් සර් (පණම් අටෙන්) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 18, 2021 Rating: 5

0 comments:

Post a Comment