Maga Bala Bala Athiya Mage Suda Song Lyrics - මඟ බල බලා ඇතිය මගෙ සුදා ගීතයේ පද පෙළ

Maga Bala Bala Athiya Mage Suda Song Lyrics - මඟ බල බලා ඇතිය මගෙ සුදා ගීතයේ පද පෙළ
Song Title : Maga Bala Bala Athiya Mage Suda (මඟ බල බලා ඇතිය මගෙ සුදා)
ගායනය : ධර්මදාස වල්පොල
සංගීතය : ආර්. මුත්තුසාමි
ගී පද : ඩබ්. බෙනඩික්ට් ප්‍රනාන්දු
‘රම්‍යලතා‘ 1956 චිත්‍රපටියෙන්


මඟ බල බලා ඇතිය මගෙ සුදා
සුකොමළ සිරියා ප්‍රේමෙන් සනසන්නටා
අඳුරට පෙර යමි ලහි කරලා //

පිපි මල වගේ වුවන දිලිසෙනා
ප්‍රේම සුගන්දේ දස අත විහිදා //
ඒ පෙම් කුසුමේ මධු රස උරනා
බිඟු රජ ලෙස මම යමි පියඹා

මඟ බල බලා ඇතිය මගෙ සුදා
සුකොමළ සිරියා ප්‍රේමෙන් සනසන්නටා
අඳුරට පෙර යමි ලහි කරලා

මා ප්‍රේම රැජිනී මා දුටු විගසිනී
ලැජ්ජාවේ සැඟවී ඉඟි බිඟි පාවී //
නාඹර දෙතොලේ පෙම් පැණි ඉතිරේ
රොන් ගන්නට බිඟු ලෙස යමි පියඹා

මඟ බල බලා ඇතිය මගෙ සුදා
සුකොමළ සිරියා ප්‍රේමෙන් සනසන්නටා
අඳුරට පෙර යමි ලහි කරලා

බැඳි සෙනහසේ ළදරු වයසෙදී
වැඩුණි හදේ දින දින මෝරා //
ඒ සිරියාවී මාගෙ මනාලී
දකිනට බිඟු ලෙස යමි පියඹා

මඟ බල බලා ඇතිය මගෙ සුදා
සුකොමළ සිරියා ප්‍රේමෙන් සනසන්නටා
අඳුරට පෙර යමි ලහි කරලා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Maga Bala Bala Athiya Mage Suda Song Lyrics - මඟ බල බලා ඇතිය මගෙ සුදා ගීතයේ පද පෙළ Maga Bala Bala Athiya Mage Suda Song Lyrics - මඟ බල බලා ඇතිය මගෙ සුදා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 03, 2021 Rating: 5

0 comments:

Post a Comment