කොණ්ඩ කැවුම් හදමු (Konda Kawum Hadamu)

කොණ්ඩ කැවුම් හදමු (Konda Kawum Hadamu) - Your Choice Way
ගොඩාක් අය අමාරුයි කියලා හිතන, ඒත් හරියට හදද්දි හදන්න හදන්න ආස හිතෙන, අවුරුදු මේසයට නැතුවම බැරි කැවිල්ලක් තමයි කැවුම් . මුලින්ම ඔයාලා මේක අමාරු දෙයක් කියන බය නැති කර ගන්න . බය උනොත් කොහොමත් ඕනම දෙයක් අමාරුයි .මං මීට කලිනුත් ඔයාලට කැවුම් රෙසිපි එකක් දුන්නා.ඒකට ගොඩාක් කාලය යනවා , ඒවගේම සීනි වලින් හදන්න තමයි කියලා දුන්නෙ. අද අපි ඊට වඩා අඩු කාලයකින් පැණි එකතු කරගෙන ගොඩාක් මෙලෙකට කැවුම් හදා ගන්න විදිය බලමු.

💠 කැවුම් හදන්න කලින් ඔයාලා මෙන්න මේ දේවල් ගැන දැනුවත් වෙන්න එතකොට මේක හරිම ලේසියි කියලා ඔයාලට තේරෙයි .

🌼 කැවුම් වල පැණිරස අඩුවෙන් යොදන තරමට ඔයාලට ලස්සනට කොණ්ඩය හදා ගන්න පහසු වෙනවා. ඒත් කැවුම් රස වෙන්න නම් පදමට පැණිරස තියෙන්න ඕන.

🌼 ඒවගේම තමයි ගින්දර පාලනය.ගොඩාක් ගින්දර දාගෙන කැවුම් හදන්න එපා , කැවුම් ඉක්මනින් කලු වෙනවා ,මැද අමු වෙනවා. අනික කොණ්ඩය හදා ගන්න කලින් පිටි හයි වෙනවා ,පිටි උඩට ගන්න බැරි වෙනවා.

🌼 ෆ්‍රෙශ් මිල්ක් හෝ පිටිකිරි යෙදුවම කැවුම් ගොඩාක් මෙලෙකට දින කිහිපයක් උනත් තියා ගන්න පුළුවන් . එතකොට ගල් කැවුම් කන්න ඕන නෑ.

🌼 කැවුම් මිශ්‍රණය යොදලා පිපෙන්න තියන තරමට කැවුම් හදා ගන්න පහසුයි . ඒවගේම පොල්පැණි දාලා හැදුවම කැවුම් හොඳට පිපිලා තියෙනවා .

🌼 ඒවගේම කැවුම් පිසීමේදී තෙල් ගොඩක් දාගන්න එපා ඉතාම අඩු ප්‍රමාණයක් දාන්න. නැත්නම් කොණ්ඩය සකස් කර ගන්න අමාරුයි .

එහෙනම් ඔයාලගෙ ප්‍රශ්න වලට උත්තර ලබෙන්න ඇති , හදන හැටි බලමු.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🌷 තෙත හාල් පිටි කෝප්ප 3 ක්(හාල් 250g කින්)
  • 🌷 පාන්පිටි කෝප්ප 1 1/2 ක්
  • 🌷 සීනි 150 ක්
  • 🌷 පොල්පැණි කෝප්ප 1/2 ක්
  • 🌷 බැද කුඩුකරගත් මාදුරු ස්වල්පයක් 
  • 🌷 තලාගත් කරඳමුංගු කුඩු ටිකක් 
  • 🌷 ෆ්‍රෙශ් මිල්ක් හෝ පිටිකිරි කෝප්ප 1/4 ක්
  • 🌷 රස අනුව ලුනු 

✅ සාදන ක්‍රමය :

  1. 🌷 සහල් සෝදා පැය 2 ක් හෝ ඊට වැඩි කාලයක් පොඟවා ගන්න .
  2. 🌷 පොඟවා ගත් සහල් වතුර පෙරා තෙත සිඳුණු පසු කොටා හලා ගන්න.
  3. 🌷 පාන්පිටි සහ සහල් පිටි එකට මිශ්‍ර කර හලා ගන්න.
  4. 🌷 සීනි හා පැණි මදක් උණුකර නිවා ගන්න.ගොඩාක් උණු කරන්න එපා සීනි දියවන තුරු රත් කර ගත්තම ඇති.
  5. 🌷 නිවාගත් පැණි වලට හලාගත් පිටි , බැද කුඩුකර ගත් මාදුරු ,කරඳමුංගු කුඩු සහ අවශ්‍ය පමණ ලුනු කුඩු එකතු කර මිශ්‍ර කරන්න .
  6. 🌷 දැන් එයට පිටිකිරි හෝ ෆ්‍රෙශ් මිල්ක් ටික ටික එකතු කරමින් අතින් හොඳට අනා ගෙන පැය 2 ක් පමණ වසා තබන්න . පැය 2 කට වැඩි  උනාට කමක් නැහැ .
  7. 🌷 පසුව මේ පිටි මිශ්‍රණය ගෙන නැවත හොඳින් හැඳි ගාන්න . මිශ්‍රණය ඝන වැඩි නම් නිවාගත් තේ කහට ටිකක් එකතු කර තරමක් දියාරු මිශ්‍රණයක් සකස් කර ගන්න . හැන්දෙන් උඩට ඉස්සූ විට නොකැඩී පහතට වැටෙන්න තියෙන්න ඕන.
  8. 🌷 දැන් තෙල් තාච්චියක් ලිප තබා තෙල් රත් වන විට සාදා ගත් මිශ්‍රණයෙන් කැවුමකට අවශ්‍ය ප්‍රමාණයට තෙලට වත් කරන්න .මෙයට බොකුටු හැන්දක් හෝ අඬු කෝප්පයක් පාවිච්චි කරන්න පුළුවන් .
  9. 🌷 තව දෙයක් කියන්න ඕන පැණි රස ඇතිද කියලා බලන්න , මදි වගේ නම් සීනි ටිකක් එකතු කරන්න වැඩි නම් පිටි ටිකක් එකතු කර හදාගන්න පුළුවන් .
  10. 🌷 කැවුම මදක් තැම්බීගෙන පිපී එනවිට ඉරටුවක් හෝ කූරක් ගෙන කැවුමේ මැදින් සිදුරු කර තෙල් හැන්දකින් කැවුමට තෙල් ඉසිමින් අනෙක් අතින් ඉරටුව කරකවමින් කොණ්ඩය මුදුන් කර ගන්න.
  11. 🌷 පසුව ඉරටුව ඉවතට ගෙන හැන්දෙන් තෙල් ඉසිමින් කැවුම හොඳින් බැද ගන්න.
  12. 🌷 හොඳින් බැදුනු කැවුම් තෙල් ඉවත් වන තුරු පිරිසිදු කඩදාසියක් මතට දමන්න .
 ඔන්න එහෙනම් ඔයාලත් හදලා ඔයාලගෙ අවුරුදු කෑම මේසය රසවත් කරගන්න  😍

සැකසුම : © නදීෂා ගමගේ .. හෙළයේ රස මිහිර

කොණ්ඩ කැවුම් හදමු (Konda Kawum Hadamu) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කොණ්ඩ කැවුම් හදමු (Konda Kawum Hadamu) කොණ්ඩ කැවුම් හදමු (Konda Kawum Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 07, 2021 Rating: 5

0 comments:

Post a Comment