Kandula Ithin Samaweyan Song Lyrics - කඳුළ ඉතින් සමාවෙයන් ගීතයේ පද පෙළ

Kandula Ithin Samaweyan Song Lyrics - කඳුළ ඉතින් සමාවෙයන් ගීතයේ පද පෙළ
Song Title : Kandula Ithin Samaweyan (කඳුළ ඉතින් සමාවෙයන්)
ගායනය : කීර්ති පැස්කුවල්
පද : ලක්මාලි කාරියවසම්
තනුව හා සංගීතය :සුරේෂ් ද සිල්වා


කඳුළ ඉතින් සමාවෙයන්
අපි වෙන්වෙමු අද හවසට
මගෙ ගෙපැලට ඈ එනවා
සිරියහනේ තනි රකින්න //

කළු වලාව නැඟෙන්නෙපා
ගඟට උඩින් හැන්දෑවට
මුදුන් ලීය යටින් පොළවේ
ගොම හේදෙයි අලුත් පිටම

කන්ද කපා හඳ පායා
සඳ රැස් යහනට වඩින්න
සඳ එළියෙන් ඇගේ ගතේ
පිපි ගෝමර මල් දකින්න

කඳුළ ඉතින් සමාවෙයන්
අපි වෙන්වෙමු අද හවසට
මගෙ ගෙපැලට ඈ එනවා
සිරියහනේ තනි රකින්න

මල් දෙවැටේ වතුසුදු මල්
පිපේවි ඈ පිළිගන්නට
කොපුල් තලා ඔමරි සිනා
මතුවෙයි මල් පරදන්නට

බිළඳු ගෙනා කිරි සුවඳක්
ගෙපැල දොරින් හමා එන්න
ඉඩ දීයන් වලාකුළේ
මගෙ සිහිනයෙ මල් පිපෙන්න

කඳුළ ඉතින් සමාවෙයන්
අපි වෙන්වෙමු අද හවසට
මගෙ ගෙපැලට ඈ එනවා
සිරියහනේ තනි රකින්න //

මගෙ ගෙපැලට ඈ එනවා
සිරියහනේ තනි රකින්න ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kandula Ithin Samaweyan Song Lyrics - කඳුළ ඉතින් සමාවෙයන් ගීතයේ පද පෙළ Kandula Ithin Samaweyan Song Lyrics - කඳුළ ඉතින් සමාවෙයන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 04, 2021 Rating: 5

0 comments:

Post a Comment