ඇහුවම බොරුය කියල හිතෙන හැබැයි ඇත්ත කරුණු 19ක් ❤❤❤❤❤🌎 ( It Sounds Like A Lie But 19 Are True )

ඇහුවම බොරුය කියල හිතෙන හැබැයි ඇත්ත කරුණු 19ක් ❤❤❤❤❤🌎 ( It Sounds Like A Lie But 19 Are True ) - Your Choice Way
1) ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය ඇස්ටෙක් අධිරාජ්‍යටත් වඩා පැරණි වේ. (හේතුව : ඔක්ස්ෆර්ඩ් ඇරඹුනේ 1096දි වන අතර ඇස්ටෙක් අධිරාජ්‍ය ඇරඹුනේ 1428දී වේ. )

2) කිසිදා ඔබට භාවිතා නොකල මුහුණ බලන කණ්නාඩියක් මිලට ගත නොහැක.

3) ලෝක ජනගහනය 1970ට වඩා මේ වනවිට දෙගුණ වී ඇත. නමුත් ජනගහනය බිලියනයක් වීමට වසර ලක්ශ 2ක් ගතවිය.

4) ලෝක ජනගහනයෙන් 50%ක් වයස 30ට අඩුවේ.

5) ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් ඉපදී ඇත්තේ 2004 වසරෙන් පසුව වේ.

6) ලෝක ජනගහනයෙන් 90%ක් උතුරු අර්ධගෝලයේ ජීවත් වේ.

7) ලොව විශාලතම ටයර් නිශ්පාදකයා LEGO සෙල්ලම්බඩු නිශ්පාදක සමාගම වේ.

8 ) මධ්‍යනයක් ලෙස ගත්විට මිනිසෙකුට ඇති අත් හෝ කකුල් හෝ ඇස් හෝ කන් ගනන 2ට වඩා අඩුය.

9) ෆින්ලන්තය හා උතුරු කොරියාව වෙන්වී ඇත්තේ එකම එක රටකින් පමණි. ( හේතුව : රුසියාව )

10) ජනප්‍රියම පිරමිඩ වන ගීසා පිරමිඩ තුලින් එකදු මමියක්වත් හමුවී නැත.(හේතුව : මංකොල්ලකරුවන්)

11) චීටාවන්ට සිංහයන් මෙන් ගෙරවිය නොහැකි අතර බළලුන් මෙන් Meow හඬ නගයි.

12) කෙතරම් දිග බෙල්ලක් හිමිවුවද ජිරාෆ්ගේ බෙල්ලේ ඇති අස්ථි ගණන හා මිනිස්සුන්ට ඇති බෙල්ලේ අස්ථි ගනණ සමාන වේ. ඒ අගය 7කි.

13) ඇමරිකා එක්සත් ජනපදයටත් වඩා වයස මෝරුන් ජීවත් වේ. (හේතුව : USA පිහිටවූයේ 1772දී වන අතර ග්‍රීන්ලන්ත මෝරුන් වසර 300-500 තරම් කාලයක් ජීවත් වේ.)

14) තටාක ආකාරයේ න්‍යෂ්ටික බලාගාරයක රියැක්ටර් තටාකයේ හානියකින් තොරව පිහිණිය හැක.(හේතුව : ජලය හරහා විකිරණ ගමන් කිරීම ඉතා දුර්වල වේ.)

15) වීනස් මැසි උගුල යන ශාඛය ඇ.එක්සත් ජනපදයෙ කැරොලිනා ජනපද දෙකට ආවේනික ශාඛයකි.

16) කොළ 52ක කාඩ් කුට්ටමක් එක්වරක් කවලම් කලවිට ලැබෙන පිලිවෙල මීට පෙර මිනිස් ඉතිහාසයේ කිසිවකුට නොලැබූ පිලිවෙලක් වීමේ අතිශය ඉහල සම්භාවිතාවක් ඇත.(හේතුව : කොල සැකසුම් පිලිවෙල ගනන 52! = 80,658,175,170,943,878,571,660,636,856,403,766,975,289,505,440,883,277,824,000,000,000,000  වීමයි. මෙය මිනිස් මොළයට වටහාගත නොහැකි තරම් විශාල අගයකි)

17) එකම කාමරයකට 50 දෙනෙක් දැමුවහොත් අවම වශයෙන් ඉන් දෙදෙනෙකුගේ උපන් දිනය (වසර නොවේ.) සමාන වීමේ සම්භාවිතාව 97%කි. 

18) බ්‍රිතාන්‍ය විසින් ආක්‍රමණය කර නොමැත්තේ ලෝකයේ රටවල් 22ක් පමණි.

19) හිම වලසුන් හා පෙන්ගුවින්ලා කිසිදා ස්වභාවිකව පරිසරයේදි එකට හමු නොවෙති.(හේතුව : හිමවලසුන් උතුරු අර්ධගෝලයේ පමණක් වෙසෙන අතර පෙන්ගුවින්ලා දකුණු අර්ධගෝලයට සීමාවී ඇත.)

උපුටාගැනිමකී❤🙏🌎
පුදුම ලෝකය
Rathu ascote Facebook
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඇහුවම බොරුය කියල හිතෙන හැබැයි ඇත්ත කරුණු 19ක් ❤❤❤❤❤🌎 ( It Sounds Like A Lie But 19 Are True ) ඇහුවම බොරුය කියල හිතෙන හැබැයි ඇත්ත කරුණු 19ක් ❤❤❤❤❤🌎 ( It Sounds Like A Lie But 19 Are True ) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 06, 2021 Rating: 5

0 comments:

Post a Comment