Gangata Kapana Ini Song Lyrics - ගඟට කපන ඉණි ගීතයේ පද පෙළ

Gangata Kapana Ini Song Lyrics - ගඟට කපන ඉණි ගීතයේ පද පෙළ
Song Title : Gangata Kapana Ini (ගඟට කපන ඉණි)
ගායනය : සුනිල් එදිරිසිංහ
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - ඇරැව්වල නන්දිමිත්‍ර

ගඟට කපන ඉණි ගඟදිය රැගෙන යති
සැපට වැඩුණු කය පොළොවට දිරා යති
අපට නොවේ බඹුටත් මරු ලඟාවෙති
පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙති

මලේ සුවඳ නැතිවෙයි පෙති හැලුනාම
ගතේ රුසිරු නැතිවෙයි රැලි වැටුනාම
ගඟේ මහිම නැතිවෙයි දිය හිඳුනාම
දුන්දේ සුවඳ පවතී ලොව හැමදාම

කෑමෙන් හොඳ කෑම සපයාගෙන කෑම
බීමෙන් හොඳ බීම මවුගේ කිරි බීම
දීමෙන් හොඳ දීම දුගියට දන් දීම
යෑමෙන් හොඳ යෑම නිර්වාණෙට යෑම

කන බොන කෑම තනියම වලඳන්න එපා
අසරණ කෙනෙක් ආ විට එලවන්න එපා
අනුවණකමින් පව් සිදුකරගන්න එපා
නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gangata Kapana Ini Song Lyrics - ගඟට කපන ඉණි ගීතයේ පද පෙළ Gangata Kapana Ini Song Lyrics - ගඟට කපන ඉණි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 13, 2021 Rating: 5

0 comments:

Post a Comment