කටට රසට චොෆ්සි රයිස් සාදාගන්නා ආකාරය (Chopsuey Rice Hadamu)

කටට රසට චොෆ්සි රයිස් සාදාගන්නා ආකාරය (Chopsuey Rice Hadamu) - Your Choice Way
අද අපි කියල දෙන්න යන්නේ කටට රසට චොෆ්සි රයිස් සාදාගන්නා ක්‍රමයයි.පොඩි වෙනසකට එක්ක මේ රයිස් එක හදලා බලන්න.කරන්න ඕන පොඩි දෙයයි.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • උයා ගත් බත්
  • කපා ගත් මස් (කැමති මස් වර්ගයක් පාවිච්චි කල හැක.) ඉස්සො, සොසේජස්
  • ලොකුවට කපාගත් කැරට්, ගෝවා, ලීක්ස්, බොරොකොලීන්, බොක් චෝඊ, බට්න් මශ්‍රෑම්( හතු) බේබි කෝන්( බෝංචි, මල් ගෝවා, බෙල් පෙප වැනි දෑද යොදාගත හැක)
  • තක්කාලි ( අකමැතිනම් අවශ්‍ය නැත)
  • වටු බිත්තර (අකමැතිනම් අවශ්‍ය නැත)
  • ලොකුවට කපාගත් ලූණු, පොඩියට කපාගත් සුදු ලූණු, ඉගුරැ
  • කැමති ස්ටොක් වර්ගයක් කෝප්ප 1/4~1/2 අතර (කුකුලු මස්, තලාගත් සුදු ලූණු, ඉගුරු, ලූණු සහ ලුනු ස්වල්පයක් කුකුල් මස් කැබලි වැහෙන තරමට වතුර දමා හොදින් තම්බා ගෙන වතුර පෙරා ගැනීමෙන් කුකුල් මස් ස්ටොක් සාදාගත හැක්.)
  • ලුනු, ගම්මිරිස්
  • ඉරිගු පිටි ( corn flour) මේස හැදි 1
  • සොයා සෝස් මේස හැදි 2~3
  • ඔඊස්ටර් සෝස් මේස හැදි 1
  • විනාකිරි මේස හැදි 1

✅ සාදාගන්නා ක්‍රමය :

  1. කුකුල් මස් වලට ලුනු සහ ගම්මිරිස් දමා පදම් කරගන්න(විනඩි 10ක් පමන පදම්වන්න තබන්නේනම් වඩාත් රසවත් වේ)ඉන්පසු සුදුසු බාජනයක් ලිපේ තබා තෙල් ස්වල්පයක් දමන්න.තෙල් රත් වනවිට පදම් කරගත් මස් ටික දමා,මස් බැදී දුබුරැ පැහැ ගැන්වෙන විටදී ඉහත ආකාරයටම පදම් කරගත් ඉස්සො ටිකද එකර ඉස්සන් ටික බැදීගෙන එනවිට කපාගත් සොසේජස් එක් කරන්න.
  2. සියල්ල බැදීගෙන එනවිට සුදු ලූණු සහ ඉගුරු එක් කරන්න. විනාකිරි එක්කර කලවම් කර එයට ලොකු ලූණු එක්කරන්න. කැරට් එක්කර හොදින් කලවම් කර මද ගින්නේ සුලු වේලාවක් තබන්න.( ඒ අතරතුර ස්ටොක් එකට ඉරිගු පිටි දමා හොදින් කලවම් කරගන්න.
  3. ස්ටොක් එකටම සෝයා සෝස් සහ ඔඊස්ටර් සෝස් එක් කර හොදින් කලවම් කරන්න)මෙක ස්ටොක් එක දැන් පැත්තකින් තබා ගෝවා, ලීක්ස්, බොරොකොලීන් ඉහත මස් එකටම එක් කරන්න ...හොදින් කලවම් කර බට්න් මශ්‍රෑම්, බේබි කෝර්න් එක් කරන්න. බොක්ස් චොප්සි, තක්කලි , වටු බිත්තරද එක් කර හොදින් කලවම් කරන්න ඉන්පසු ඉහත සාදාගත් ස්ටොක් එක ටික ටික ඉහත මස් සහ එලවලු වලට එක් කරන්න.. මද වෙලාවක් මදගින්නේ පිසගන්න.
  4. උනුවෙන් කැමට ගන්න

✅ වැදගත් :

  • ලුනූ... සුදු ලුනූ... රම්පේ ..කරපිංචා...කැලි මිරිස් යොදා අවශ්‍යනම්.. මස් දැමිමට පෙර තෙල් වල බැදෙන්න හැරිමෙන් තව තෙම්පරාදු රසයක් එක්කර ගත හැක.
කටට රසට චොෆ්සි රයිස් සාදාගන්නා ආකාරය (Chopsuey Rice Hadamu) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කටට රසට චොෆ්සි රයිස් සාදාගන්නා ආකාරය (Chopsuey Rice Hadamu) කටට රසට චොෆ්සි රයිස් සාදාගන්නා ආකාරය (Chopsuey Rice Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 02, 2021 Rating: 5

0 comments:

Post a Comment