ලෝකයම සංවේදී කළ සිදුවීම් 16කට පෙර ලබාගත් ඡායාරූප 16ක් 🙄 (16 Photos)

ලෝකයම සංවේදී කළ සිදුවීම් 16කට පෙර ලබාගත් ඡායාරූප 16ක් 🙄 (16 Photos) - Your Choice Way
ඔව් ඒත් එ චායාරූප පිටුපස තියෙන කතා හරිඅමුතුයි😲❤🚫[චායාරූප වලට 1-16 තෙක් පිලිවෙලින් අංක දමා ඇති අතර චායාරූපයෙන් රූපයට එම විස්තරය වෙන වෙනමද දමා ඇත❤️]

ඡායාරූපයක් දහසකුත් දේ පවසනවා කියලා අපි කියනවා, මොකද ඡායාරූප තුළ සටහන් වෙන සිදුවීම් අපේ සිත් තුළ විවිධ හැඟිම්, සිතිවිලි අවධි කරන්නට සමත් වෙන නිසාවෙන්..මේ ඡායාරූප 16 සිදුවීම් 16කට සම්බන්ධ ඒවා. මේ හැම සිදුවීමක් ම ලෝකය වඩාත් සංවේදි කරපු අවස්ථාවන් වෙනවා. මේ හැම ඡායාරූපයක් පිටුපසම ඛේද ජනක, සිත් ගන්නා සුළු කතාවක් සැඟවී තිබුනා..ඔබට මෙය බලන විට හදවත් කම්පා වෙන්න පුලුවන් .අනිවාර්යයෙන් ..
එ නිසා කලින්ම කියන්නෙ ගොඩක්ම සංවේදී පුද්ගලයන් බලන්න එපා.ඒත් කුතුහලය නම් ගොඩයි....අපි යං ලිපියට...😑😬

1.| කාර් බෝම්බය

කාර් බෝම්බය
මේ තිබෙන්නේ උතුරු අයර්ලන්තයේ සිදු වූ සිදුවීමක් වර්ෂ 1998 දී. කාර් එකක් අසල තමන්ගේ දියණියව උරහිස් මත තබාගෙන සිටින පියෙකුගේ මේ ඡායාරූපය අරන් මොහොතක් ගත වෙන්නට පෙර එම ස්ථානයේ දැවැන්ත කාර් බෝම්බයක් පුපුරා යනවා.. දියණිය හා පිය දිවි ගලවා ගත් නමුත් ඡායාරූප ශිල්පියා ඇතුළු 29 දෙනෙකු ජිවිතක්ෂයට පත් වෙනවා.. මෙම ප්‍රහාරයේ වගකීම පසුව IRA කියන සංවිධානයක් විසින් භාර ගනු ලැබුවා…

2.| සෙල්ෆියේ සතුට

2.| සෙල්ෆියේ සතුට
Tyler Hadley කියන වයස 17ක තරුණයා [වීදුරුව අත ඇති] තරමක සතුටකින් සිටින බව මේ ඡායාරූපය තුළින්⁣ 2 වන ඡායාරූපය තුළින් පෙනී යනවා. සැබැවින් ම ඔහු සතුටින්, මොකද ඔහුගේ නිවසේ පාටියක් තිබුනා. මේ සෙල්ෆිය ඔහු ලබා ගන්නේ පාටිය අතරතුර ඔහුගේ දෙමාපියන් ඝාතනය කිරීමෙන් පසුවයි. ඔහු දෙමාපියන් ව මරා කාමරයක් තුළ සැඟ වීමන් පසු මෙම ඡායාරූපය ගනු ලබනවා.. පසුව ඔහුව අත්අඩංගුවට ගන්නා අතර ඔහුට මරණ දඬුවම නියම කරනු ලබනවා…

3.| වසර 25කට පසුව

3.| වසර 25කට පසුව
Monniers නමින් ඉතාමත් පොහොසත්, උසස් පවුලක් ප්‍රංශයේ ජිවත් වුනා වර්ෂ 1800 සිට. ඔවුන්ට වයස අවුරුදු 25ක Blanche නමින් දියණියක් සිටියා. නමුත් ඇය එක්වරම අතුරුදහන් වෙනවා.. තවත් වසර 25ක කාලයක් ගෙවිලා ගියා. ඇය ගැන කිසිදු තොරතුරක් සඳහන් වුනේ නෑ..නමුත් එම වසර 25ට පසුව පැරිස් වල Attorney General ගේ මේසය මත කුඩා ලියවිල්ලක් තිබී හමු වෙනවා. එහි සඳහන් වුනේ වසර 25කට පෙර අතුරුදහන් වූ යුවතිය සිර කර ඇති තැන ගැනයි.ඇයව වසර 25ක කාලයක් එකම ස්ථානයේ සිර කර තබා තිබිය දී හමු අවස්ථාව 3 වන ඡායාරූපයේ දැක්වේ…

4.| කුළුණ උඩ අවසන් මොහොත

4.| කුළුණ උඩ අවසන් මොහොත
2014 වසරේ ඔක්තොම්බර් මාසයේ wind turbine එක මත වැඩ කරමින් සිටි කාර්මිකයන් දෙදෙනෙකු නොසිතු දෙයකට මුහුණ දෙනවා. ඒ ටර්බයින් එක හදිසියේ ගිණි ගන්නවා. ඔවුන් ට ඉවත් වීමට අවස්ථාවක් නොතිබුණු අතර ඔවුන් දෙදෙනාම මිය යනවා..

5.| ඝාතකයා සිටි ඡායාරූපය

5.| ඝාතකයා සිටි ඡායාරූපය
පිලීපින දේශපාලකයෙකු වන Reynaldo Dagsa නව අවුරුදු උදාව සමරමින් සිටියා.. ඒ අවස්ථාවේ දී ඔහු ගන්නා ඡායාරූපයක ඔහුගේ ඝාතකයාද සටහන් ව තිබුණා.. ඡායාරූපය රැගෙන මොහොතකින් ඔහුව ඝාතනය කෙරුණා.  ඡායාරූපයේ දකුණ පසු උඩින් සිටින ඝාතකයාව එම ඡායාරූපය නිසා හඳුනා ගැනීමට හැකි වුනා…

6.| CCTV වල සඳහන් වූ පුංචි ඝාතකයෝ

6.| CCTV වල සඳහන් වූ පුංචි ඝාතකයෝ
එක්සත් රාජධානියද මුළු ලෝකයාම කම්පාවට පත් කරන ලද සිදුවීමක් මේ ඡායාරූපයේ සටහන් වෙනවා. ඒ වයස අවුරුදු 2ක් Jamie Bulger ව ඔහුගේ ඝාතකයන් විසින් පැහැරගෙන යන අවස්ථාවයි. මේ ඝාතකයන් වුයේ Robert Thompson හා Jon Venables ය. ඔවුන් දෙදෙනාම වයස අවුරුදු 10 ක් දරුවන් දෙදෙනෙකි…

7.| අවසන් සේයාරුව

7.| අවසන් සේයාරුව
වයස අවුරුදු 14ක් වුනු Regina Walters ව Robert Ben Rhoades නම් අයකු විසින් පැහැර ගනු ලබනවා. මේ ඡායාරූපයේ ඇත්තේ ඔහු විසින් ඇයව ඝාතනය කිරීමට පෙර ලබා ගත් ඡායාරූපයයි.. ඇයව ඝාතනය කර පරණ ගොවිපලක සඟවා තිබිය දී සොයා ගනු ලබනවා…

8.| අකුණු පහරකට පෙර

8.| අකුණු පහරකට පෙර
වර්ෂ 1975 දී කැල්ෆෝනියාවේ සිදුවීමක් මේ ඡායාරූපයේ සටහන් ව ඇත. සොහොයුරන් දෙදෙනෙකු විසින් atmosphere හී ඇති ඉලෙක්ට්‍රොන් චාජර් බලය උපයෝගී කරගෙන තමන්ගේ හිසකෙස් පා කරන ආකාරය එහි දැක්වේ. නමුත් සුළු මොහොතකින් එතන අකුණුක් වදින අතර ඔවුන් දෙදෙනාම දැඩි තුවාල සමඟ ජිවිතය ගලවා ගැනීමට සමත් වෙනවා..නමුත් ඒ අසල සිටි පුද්ගලයෙකු මිය යනවා..

9.| දෙවියන්ගේ නාමයෙන් සියදිවි නසා ගැනීම

9.| දෙවියන්ගේ නාමයෙන් සියදිවි නසා ගැනීම
මේ ඡායාරූපයේ ඇත්තේ ඉතිහාස⁣ය තුළ සටහන් එක්වර වැඩිම පිරිසක් සියදිවි නසා ගත් අවස්ථාවයි. වර්ෂ 1978 දී ‘revolutionary suicide’ නම් කළ මෙය කරන ලද්දේ ක්‍රිස්තියානු පුජකයෙකු ලෙස කටයුතු කළ Jim Jones නැමැත්තෙකු විසිනි. එහිදි සයිනයිඩ් භාවිතා කර 918 දෙනෙකු සියදිවි නසා ගත්තේ ය…

10.| අහම්භයෙන් ලැබුණු ඡායාරූපය

10.| අහම්භයෙන් ලැබුණු ඡායාරූපය
වර්ෂ 1989 දී ෆ්ලෝරිඩා වල සුපර්මාකට් එකක කාර් පාක් එකක තිබී මෙම 10 වන ඡායාරූපය සොයා ගනු ලබනවා. තදින් බැද දමන ලද ගැහැණු දරුවෙක් හා පිරිමි දරුවෙකු සිටින ⁣ආකාරය මේ ඡායාරූපයේ දැක් වුනා..මොවුන් දෙදෙනාවම අවස්ථා දෙකක දී පැහැර ගෙන තිබුනා.
මෙතන සිටින කුඩා පිරිමි දරුවා පසුව මිය ගොස් සිටිය දී හමු වෙනවා.. ඔහු පලා එමට සමත් වුනත් ඔහු උදව් සොයා ගැනීමට පෙර මිය ගොස් තිබුනා…

11.| ඝාතකයාට ලබා දුන් අවසන් සැමැරුම

11.| ඝාතකයාට ලබා දුන් අවසන් සැමැරුම
සුප්‍රසිද්ධ ගායක ජෝන් ලිනන් තමන්ගේ ඝාතකයාට සමරු සටහනක් ලබා දෙන ආකාරය මේ ඡායා රූපයේ ඇත. පසුව එම පුද්ගලයා විසින් එදිනම රාත්‍රීයේ ජෝන් ව ඝාතනය කළේ ය…

12.| ඡායාරූපයෙන් කියූ දේ

12.| ඡායාරූපයෙන් කියූ දේ
මේ ඡායාරූපය බැලු පමණින් පාසල් කාලය මතක් වන්නට ඇති. මේ වර්ෂ 1999 දී සටහන් වූ ඡායාරූපයකි. කොළොම්බියානු පාසලක සිසුන් පිරිසක් මේ ඡායාරූපයේ සිටින අතර ඉන් වම්පස උඩ කෙළවරේ සිටින Eric Harris හා Dylan Klebold තමන්ගේ ඇඟිලි ගිනි අවියක ආකාරය පෙන්වා සිටින ආකාරය දැක ගන්න පුළුවන්.. පසුව ඔවුන් දෙදෙනා තමන්ගේ පංතියේ යාළුවන් 12 ක් හා ගුරුවරයෙකු ඝාතනය කර, තවත් 24 දෙනෙකු ට තුවාල සිදු කළේ ය…

13.| දිය යට ඡායාරූපය

13.| දිය යට ඡායාරූපය
මිනිසෙකු තමන්ගේ බිරිඳ සමඟ දිය යට ඡායාරූපයක් ගැනීමට ගියේය. නමුත් ඔවුන් නොසිතු දෙයකට මුහුණ දීමට සිදුවිය. කාන්තා⁣වගේ ඔක්සිජන් ⁣රෙගියුලේටරය ගැලවිම නිසා, ඇය ගිලි මිය ගියේය.. ඇයගේ මිය ගිය ශරීරයමේ ඡායාරූපයේ සාගර පතුලේ වැටි ඇති ආකාරය පෙන්වා දෙයි.. මේ ඡායාරූපය නිසා ඇයගේ සැමියා නොකළ වරදකට හසුවීමට ගොස් ගැලවුණි…

14.| මරණයට පෙර

14.| මරණයට පෙර
ඇමෙරිකානු දේශපාලකයෙකු වන R. Budd Dwyer ඔහු⁣ගේ මුඛයට ගිනි අවිය දමා වෙඩි තබා ගැනීමට පෙර ගත් ඡායාරූපය 14 වන ඡායාරූපයෙන් දැක් වේ… එය රූපවාහිනියේ සජිවි ව පෙන්වා ඇති බව සඳහන්..

15.| නොසිතු දෙයක්

15.| නොසිතු දෙයක්
The Candy Man නැතිනම් Dean Coril කියන්නේ දාම ඝාතකයෙකි. ඔහු විසින් තරුණ පිරිමි ළමුන් 28 දෙනෙකුට වඩා අපචාරය කර වද දී මරා දමා තිබුණි. පසුව ඔහුව අත්අඩංගුවට ගන්නා අතර වසර 600ක සිර දඬුවමක් ලබා දෙයි..2012 දී චිත්‍රපටි නිෂ්පාදකයෙකු ට ඔහු සමඟ කතා කිරීමට අවස්ථාවක් උදා වෙයි. ඔහුව බැලීමට සිර ගෙදරට යන විට ඔහු නොසිතු දෙයක් දකිනවා. ඒ කුඩා පිරිමි ළමයෙකු අත්මාංචු පිටින් සිර ගෙදර සිටින ආකාරයයි.. ඔහු විසින් ඒ අවස්ථාවේ ලබා ගත් ඡායාරූපය 15 වන ඡායාරූපයයි.. මේ දරුවා කවුද මොනවද කරේ කිසිවෙකු දැන සිටියේ නැත..

16.| අවසාන අවස්ථාව

16.| අවසාන අවස්ථාව
කැමරාව අද ගොඩාක් දියුණුයි. නමුත් 19 වන සියවසේ පැවැති පැරණි කැමරා වල ෂටර් ස්පීඩ් එක ගොඩාක් දුර්වල මට්ටමක පැවැතියා..16 වන ඡායාරූපයේ සඳහන් ව ඇත්තේ මව, පියා සහ දියණිය සිටින ඡායාරූපයකි. තරුණියගේ තරමක වෙනස් ඔබ දකිනවා ඇති. ඇය මිය යමින් සිටියේ, ඉතින් දෙමාපියන් අවසන් වරට එකට සිටින ඡායාරූපයක් ගැනීමට අවශ්‍ය වුනා. නමුත් ඡායාරූපය සටහන් වන විටත් ඇය මිය ගොස් සිටියා…

ඔය වගෙ ප්‍රසිද්ධ නොවුනු ගොඩක් දේවල් තියෙ ලංකාවෙත් .මතකද ලංකාවේ නම් අර පාස්කූ ප්‍රෙහාරය එල්ල වෙන්න කලින් හොටෙල් එකෙ උදේ පොටො ගහලා ෆෙස්බුක් එකට දාලා ඔක්කොම බොම්බෙට අහුවෙලා මැරුන ලංකාවේ නිලියගෙ පවුල..අන්න එ සිදුවීම උදාහරණයක් ...

ස්තුති 🙏 දිලා ❤
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
.උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ලෝකයම සංවේදී කළ සිදුවීම් 16කට පෙර ලබාගත් ඡායාරූප 16ක් 🙄 (16 Photos) ලෝකයම සංවේදී කළ සිදුවීම් 16කට පෙර ලබාගත් ඡායාරූප 16ක් 🙄 (16 Photos) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 18, 2021 Rating: 5

0 comments:

Post a Comment