Sithuwili Sirawi Hadawatha Pathule Song Lyrics - සිතුවිලි සිරවී හදවත පතුළේ ගීතයේ පද පෙළ

Sithuwili Sirawi Hadawatha Pathule Song Lyrics - සිතුවිලි සිරවී හදවත පතුළේ ගීතයේ පද පෙළ
Song Title : Sithuwili Sirawi Hadawatha Pathule (සිතුවිලි සිරවී හදවත පතුළේ)
Singing : Bandara Athauda (බන්ඩාර අතාවුද මහත්මා) සහ Malani Bulathsinhala (මාලනී බුලත්සිංහල මහත්මිය)
පද : කුමාරදාස සපුතන්ත්‍රී
තනුව : එච්.එම්. ජයවර්ධන


හා.. හහා...
හා.. හහා...
හ්ම්.. හ්ම්ම්.. හ්ම්ම්... හ්ම්ම්...

සිතුවිලි සිරවී හදවත පතුළේ
ඉකිබිඳ වැළපෙනවා
රුව සැංගී මගෙ මතකය අතරේ
නෙත් අසරණ වෙනවා

හා.. හහා...
හා.. හහා...
හ්ම්.. හ්ම්ම්.. හ්ම්ම්... හ්ම්ම්...

ඔබෙ සෙනෙහස දැක
සැඟවෙනු කෙලෙසද
නෑ මට තවමත් වැටහෙන්නේ
සුසුම් නිම්නයේ තනිවන්නට නම්
මේ ලෙස ඇයි අප හමුවන්නේ

සිතුවිලි සිරවී හදවත පතුළේ
ඉකිබිඳ වැළපෙනවා
රුව සැංගී මගෙ මතකය අතරේ
නෙත් අසරණ වෙනවා

හා.. හහා...
හා.. හහා...
හ්ම්.. හ්ම්ම්.. හ්ම්ම්... හ්ම්ම්...

මිලාන වූ මල් ඉකිබිඳ වැළපේ
විකසිත කුසුමන් හිනැහෙද්දී
ලොව දහසක් නෙත් හිනැහෙන මොහොතේ
ඔබේ මගේ ලොව කඳුළු දකී

සිතුවිලි සිරවී හදවත පතුළේ
ඉකිබිඳ වැළපෙනවා
රුව සැංගී මගෙ මතකය අතරේ
නෙත් අසරණ වෙනවා

හා.. හහා...
හා.. හහා...
හ්ම්.. හ්ම්ම්.. හ්ම්ම්... හ්ම්ම්...

හා.. හහා...
හා.. හහා...
හ්ම්.. හ්ම්ම්.. හ්ම්ම්... හ්ම්ම්...

හා.. හහා...
හා.. හහා...
හ්ම්.. හ්ම්ම්.. හ්ම්ම්... හ්ම්ම්...

ගායනය - බණ්ඩාර අතාවුද
පද - කුසුම් පීරිස්
තනුව - එච්.එම්. ජයවර්ධන

කොහේ යන්නෙද

හා.... හහහහා..... හහහහා..... හහහහා.....

කොහේ යන්නෙද කොහේ ඉන්නෙද
ඔබත් ඇසුවා මගෙන්
මමත් ඇසුවා ඔබෙන්

කොහේ යන්නෙද කොහේ ඉන්නෙද
ඔබත් ඇසුවා මගෙන්
මමත් ඇසුවා ඔබෙන්

මං මුලාවී ජීවිතේ අප ළංවෙලා ඉමු මේ ලෙසින්
තවත් පෙම්වතියන්
පෙම්වතුන්
එනතුරා මේ මාවතේ
ගමන් මඟ විමසා අපෙන්

මේ ලෙසින් සසරේ පුරා අපි ළංවෙලා සිටියේ හදින්
හෙටත් අද වාගේ
බලා හිඳිමූ
සිත් සතන් නැති ලෝකයා
පෙම් සුවේ දකිනා තුරා

කොහේ යන්නෙද කොහේ ඉන්නෙද
ඔබත් ඇසුවා මගෙන්
මමත් ඇසුවා ඔබෙන්

කොහේ යන්නෙද කොහේ ඉන්නෙද
ඔබත් ඇසුවා මගෙන්
මමත් ඇසුවා ඔබෙන්

හා.... හහහහා..... හහහහා..... හහහහා.....

හා.... හහහහා..... හහහහා..... හහහහා.....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sithuwili Sirawi Hadawatha Pathule Song Lyrics - සිතුවිලි සිරවී හදවත පතුළේ ගීතයේ පද පෙළ Sithuwili Sirawi Hadawatha Pathule Song Lyrics - සිතුවිලි සිරවී හදවත පතුළේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 13, 2021 Rating: 5

0 comments:

Post a Comment