මං අවදි උනා.අවුරුදු පහකට කලින් මිය ගිය මගේ සහෝදරයෙක් ඇද පාමුල හිටගෙන සිටියා.'අනේ ආතර්" මම ඔහු ලගට පෑන්නා.ඒ එක්කම එයා අතුරුදන් උනා.ඒයා මට කලිං කියලා තිබ්බේ මැරුනට පස්සේ පුලුවන් වුනොත් පෙනී හිටිනවා කියලා.
ඒ ආකාරයෙන්ම ඔහු පෙරලා ඇවිත් පෙනී සිටියේය.මෙවන් තව බොහෝ සිදුවීම ඇත.
බ්රෝහම් තම මිතුරන් සමග ස්වීඩනයේ සංචාරය කරමින් සිටියේය.වෙහෙසින් හා සීතලෙන් පෙළුණු ඔවුහු රාත්‍රිය ගත කිරීමට තානායමක නැවතුනාහ.ඇදට යාමට පෙර බ්රෝහම් උණුවතුර බාලදියක බැස සන්තර්පණය වුනේය.මෙසේ බාල්දියේ බැස සිටින විට ඔහු අහබු අත්දැකීමක් ලැබුවෙය. විශ්ව විද්‍යාලයේ සිටින කාලයේ ඔහුත් ජී නම් නම් කල මිතුරකුත් බොහෝ විට සාකච්ඡා කලේ මරනින් පසු ජීවිතයක් ඇතිද නැතිද යන්නයි.එසේ ජීවත් වී නම් තවම ජීවත් වන අයට දෘශ්‍යමාන වෙනවාදැයි යන්නයි. ' අපි ලේ වලින් අත්සන් කෙරුවේ අපි දෙන්නගෙන් එක්කෙනෙක් අනික් කෙනාට පෙනෙන්නට එන බවටයි"
උපාධිය ලැබුනාට පසු ජී ඉන්දියාවේ රැකියාවක් ලැබ ගියේය .වසර ගනනාවකදී බ්රෝහම් ට තම විශ්ව විද්‍යාල මිතුරා අමතකව ගියේය.
"මං උනුසුම් දිය සැප විදිමින් බාල්දියේ ඇලවීගෙන ඉන අතරේ මගේ සිරුර කලින් අතවිදි දරුනු සීතලයෙන් මිදෙමින,මං මගේ ඇදුම් ටික තැබූ පුටුව දිහාවට හිස හැරෙව්වා.මං හිතුවේ නැගිටලා ඇදුම් ටික ඇගලා ගන්නයි.ජී පුටුවේ වාඩි වෙලා බොහොම සන්සුන් විදිහට මා දිහාව බලාන හිටියා.මං බාල්දියෙන් කොහොම ආවාද දන්නේ නැහැ ,නමුත් සිහි එලවාගෙන බලන විට ජී අතුරුදන් වෙලා.මේ දැක්මෙන් මම කොතරම් කම්පනය වූවාද කීවොත් මට කතා කරගන්න බැරි උනා. " ඒක,,,,, ඒක හරිම දීප්තිමත් .මට ඒක කොතරම් බලපෑමක් ඇති කරාද කියුවොත් මම ඒ සේරම විස්තරය සම්පූර්ණයෙන් ම ලියුවා.
දෙසැම්බර් 19වෙනිද.ා දාතමත් එක්ක මම ආපහු එඩින්බරෝ වලට ගියාම මට ඉන්දියාවෙන් ලියුමක් ආවා.ජීගේ මරනය ගැන සදහන් කරලා.එයා මැරිලා තිබ්බේ දෙසැ 19
ගවේෂණයකි.... Dileka Dissanayake
උපුටා .ගැනීමකි...
![මරාණයේ පොරොන්දු (හොල්මන් ආවේශ යලි උපත) [Promises of death] - Your Choice Way මරාණයේ පොරොන්දු (හොල්මන් ආවේශ යලි උපත) [Promises of death] - Your Choice Way](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiV6JMfMu1jbNJWaE5J9BrH4twj3iLD4BNVnMTdpAJZ5L1t0xlpureIan0c0uf7gryct91OR3df1eyGKcyz5F3Uwd9cU890uDdFix3z582uri522VQ7VXtzGb98UWIpgRMHMJ9sSqStumSQ/s16000/%25E0%25B6%25B8%25E0%25B6%25BB%25E0%25B7%258F%25E0%25B6%25AB%25E0%25B6%25BA%25E0%25B7%259A+%25E0%25B6%25B4%25E0%25B7%259C%25E0%25B6%25BB%25E0%25B7%259C%25E0%25B6%25B1%25E0%25B7%258A%25E0%25B6%25AF%25E0%25B7%2594+%2528%25E0%25B7%2584%25E0%25B7%259C%25E0%25B6%25BD%25E0%25B7%258A%25E0%25B6%25B8%25E0%25B6%25B1%25E0%25B7%258A+%25E0%25B6%2586%25E0%25B7%2580%25E0%25B7%259A%25E0%25B7%2581+%25E0%25B6%25BA%25E0%25B6%25BD%25E0%25B7%2592+%25E0%25B6%258B%25E0%25B6%25B4%25E0%25B6%25AD%2529+%255BPromises+of+death%255D+-+Your+Choice+Way.jpg)


0 comments:
Post a Comment