ජීවිතයට ජීවය දෙන - ප්‍රාණජීව ( Pranajeewa [ Panajiwa ] )

ජීවිතයට ජීවය දෙන - ප්‍රාණජීව ( Pranajeewa [ Panajiwa ] ) - Your Choice Way
මරණය පෙනි පෙනී සිටිනා කෙනෙකුට මෙම ශාක යුෂ බිඳුවක් තොලග ගෑමෙන් ප්‍රාණය නිරුද්ධවීම වළකා ප්‍රාණයට ජීවයත් ලබාදෙන බැවින් ප්‍රාණජීව ලෙසින් හඳුන්වනු ලැබෙයි යන්න අතීත ප්‍රමානාත්මකයින්ගේ මතයකි.

තෙත් කලාපයේ බහුලව දක්නට ලැබුනත් ලංකාව පුරාම සියලු දේශගුණික කලාපවල මෙම ඖෂධීය වටිනාකමක් තියෙන ශාකය රෝපණය කරගත හැකිය. රනිල කුලයට අයත්වන මෙම ශාකය ආලෝක හා ශබ්ධ සංවේදීවේ. ශාකයේ ලපටි උප පත්‍ර ශබිදයට අණුව වලයාකාර චලනයන් දක්වයි. පත්‍ර ලා කොල පැහැති තද කොල පැහැති ආකාර ගන්නා අතරත පත්‍ර යටි පැත්ත අලු මිශ්‍ර කොල පැහැති වෙයි. දිගින් අගල් 3-5 ලෙසට දිගැති වන අතර පත්‍ර ස්වභාවය අලංකාර දිගැටි බවක් ගනියි. ශාකයේ වර්ධනය අඩි 4-5 උසින් පරිණත වූ පසු දම් පාට මල් නිපදවන සුන්දර බහු වාර්ෂික ශාකයකි. නිල් හා කහ පැහැති මල් ඇති වර්ගද ඇති බව සදහන් වෙයි. මල් වලින් පසුව සිහින් දිගැටි කරල් හටගන්නා අතර එහි ඇති බීජ වලින් රෝපණය මනාව සිදුකරයි.

සූර්‍යාලෝකය අඩු වූ පසුව ශාකය අප්‍රාණික වන බවත් හිරු පායා එනවිට නැවත නැඟිටින ලක්ෂණයෙන් ප්‍රානජීව යුක්තයි. සෑම පත්‍රයකම ආලෝකය ලබා ගැනීම සඳහා අවශ්ය ඉඟටියකින් යුතුව විශාල පත්‍රයකම පාමුල කුඩා පත්‍රිකා දෙකක් දැකිය හැකිය. චලනය සදහා එම අනු පත්‍රිකා නිර්මාණය වී ඇති බව සදහන් වෙයි. 

ඖෂධීය ගුණ සැලකීමේදී ශාකයේ සියළුම කොටස් එනම් පංචංගයම ඖෂධ සඳහා භාවිත කරයි. ප්‍රති ඔක්සිකාරක ගුණයත් , පිළිකා නාහක ගුණයත් , විෂහරණ ගුණයත් පවතී. රූමැටික රෝග , හෘද රෝග , කැස්ස , මැලේරියාව , උණ , අතීසාරය , අක්මා ප්‍රදාහය , වකුගඩු රෝග , සමේ රෝග ආදියට මහගු ඔසුවකි ප්‍රානජීව ශාකය. එසේම හොඳ වාජීකරණ ගුණයක්ද , ස්නායු උත්තේජක ගුණයක්ද , ප්‍රතිශක්තිය වර්ධන හැකියාවක්ද ඇත , අකලට හිසකෙස් පැසිම නවතයි , රක්තකාශය වළකයි , වෘණරෝපකයි , දියවැඩියාව නසයි , පාචනය නවතයි.

සර්ප දෂ්ඨ වලදී මුල් යුෂ බීමට දීම විෂහරණයටද ,  රූමැටික රෝග වලදී මුල් සාරය මි.ලී.30ක් පමණ බීමට දීම රෝග සුවයටද ,  තුවාල වලට පත්‍ර හා මුල් අඹරා ගෑම තුවාල සුවවීමටත් ( ඇල්කලොයිඩ් ඇති නිසා) , දියවැඩියාව සඳහා මුල් ග්රෑම් 50ක් ජලය මිලි ලීටර් 500ක දමා තම්බා මි.ලී 40 බැගින් දිනපතා බීමට දීමත් ප්‍රතිඔක්සිකාරක ගුණය හා පිළිකා නාශක ගුණය ඇතිබැවින් ඉතා වැදගත් ඖෂධයක් සේ ප්‍රානජීව සටහන් වෙයි..

ප්‍රානජීව ගහේ කොටස් යොදාගන්නවා විස වෙදකමට,කැඩුම් බිදුම්,ස්නායු බලගන්වන , අස්ථි සහ කාටිලේජවල දුර්වලතා මගහරවන , මාංශ පේශීනගේ වර්ධනයට නියමාකාරයෙන් වර්ධනය නොවන සියලු අවයවයන්ගේ නිසියාකාර වර්ධනය , ස්මරණ ශක්තිය තීව්‍ර කරන්න , කායික මානසික වර්ධනය සමතුලිත කරන්න යොදාගන්න්වා , සියලු මස් ගත , නහර ගත , සන්ධි ගත , අස්ථි ගත , ලෝම ගත , කූප ගත , කලල් ගත ආදී කුමන ස්ථානවල කුමන විදියකින් හෝ ඇති සියලුම රෝග සුව කිරීමේ හැකියාවක් මේ ප්‍රානජීව ශාකයේ ගැබ්වෙලා තියෙනවා. ප්‍රානජීව ශාකය අතීතයේ හෙළ වෙදකමේ කැඩුම් බිදුම්වලදී අස්ථි කොටස් නිසියාකාරව තියාගෙන ගැට ගහගන්න ගත්ත පතුරු හදන්න යෝදාගත් බවද සදහන් වෙයි.

දරුඵල බලාපොරොත්තුවෙන් ඉන්න අයට ඇතිවන යම්කිසි දුබලතා නිසා දරුඵල අහිමිවෙලා තියෙනවානම් ඒ අක්‍රමිකතා මගහැරීමේ විශේෂ ගුණයක් ප්‍රානජීව සතුයි. ඒ වගේ අය නිරන්තරයෙන් ප්‍රානජීව ආහාරයට එකතු කරගැනීම සුදුසුයි.

ඒ වගේම ප්‍රාණජීවවල තියෙන ශක්තියට පිළිකා මර්ධනය කරන්න හැකියාවක් තියෙන අතර පිළිකා වලදී සිදුවන සෛලවල විකෘතිතාවයන් වහා නවත්වා සියලු සෛල ප්‍රකෘතිතාවයට පත් කිරීමටද හැකියාවක් ඇත. 

බහිස්‍රාවී පද්ධතිය සක්‍රිය කරල ශරීරයේ තැන්පත්වෙච්ච සියලු අපද්‍රව්‍ය වා පිත් සෙම් කියන තුන් දොස් කිපෙන්නෙ නැති විදිහට බැහැර කරනවා. ඒ කියන්නෙ ප්‍රාණජීව ආහාරයට ගත්තම ශරීරයට කිසිම අපත්‍යයක් අපහසුතාවයක් නැතුව ආපද්‍රව්‍ය බැහැර කරනවා. අනවශ්‍යය මේදය තැන්පත්වීම වලක්වනවා.ස්ථුලතාවය ක්‍රමයෙන් මග හරවනවා.

දිනපතා උදේ හිස්බඩ ප්‍රාණජීව කොළ ඉස්ම අඩු කෝපපයක් පමණ වතුර නොයොදා (අවශ්‍ය වුනොත් ඉතා කුඩා වතුර ප්‍රමාණයක් එකතු කර) පානය කිරීමෙන් අම්ලපිත්ත ප්‍රදාහය නිට්ටාවට සුව කරගන්න පුලුවන්.රුධිරය පිරිසිදු කරනවා.පීනස් ඇතුලු සියලු සෙම් රෝග සමනය කරනවා.ප්‍රාණජීව කොළ මිටක් ගෙන හීන් වෙන්න ලියාගෙන පළා සම්බෝලයක් ආකාරයට නිරන්තරයෙන් ආහාරයට එකතුකරගැනීමෙන් අර්ශස් රෝගය පාලනය කරගන්න පුලුවන් භගන්දරා රෝගීන්ටත් ඉතාමත් ගුණදාකයි.

ඒ වගේම ප්‍රාණජීවවලින් ශරීරය අභ්‍යන්තර ලේ ගැලීම් වලක්වනවා.ඇට මිදුලු වර්ධනය කරනවා.රතු රුධිරානු මට්ටම ඉතාමත් ඉහල අගයක පවත්වාගෙන යනවා.ප්‍රතිශක්තිකරණ පද්ධතිය සක්‍රිය කරනවා.අධික ලෙස මත්පැන් පානය කිරීම නිසා හෝ වෙනත් ප්‍රයෝග විපත්ති නිසා ඇතිවූ අකර්මණ්‍යවන් හේතුවෙන් ප්‍රදාහයට ලක්වූ අක්මාව යථා තත්වයට පත්කිරීමේ සුවිශේෂීය හැකියාවක් ප්‍රාණජීව වල තියෙනවා.

එසේම අමනුෂ්‍ය දෝෂ සදහාද ප්‍රානජීව ශාකය භාවිතා කරන අවස්ථාවන් ගැනද කියවෙයි ..

විශ්මිත හෙළ ඔසු
🌿 ප්‍රාණජීව ශාකය ගැන තවත් වටිනා දේවල් මෙතැනින්👉
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ජීවිතයට ජීවය දෙන - ප්‍රාණජීව ( Pranajeewa [ Panajiwa ] ) ජීවිතයට ජීවය දෙන - ප්‍රාණජීව ( Pranajeewa [ Panajiwa ] ) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 20, 2021 Rating: 5

0 comments:

Post a Comment